worker-to-a-target---says-commerce-first

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කාත්තාන්කුඩිය මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මොහොමඩ් සුයර්දීන් මොහොමඩ් ෆර්තාර් සිසුවා සමත් වී ඇත. අනාගතයේදී දක්ෂ ගණකාධිකාරිවරයෙකු බවට පත්වෙමින් තම මව්බිමට අමිල සේවයක් ඉටු කිරීම සිය ජීවිතයේ ප්‍රධානතම අරමුණ බව ඔහු අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.




තම අධ්‍යාපන ගමනේ මූලික අඩිතාලම සකසා ගනිමින් ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇත්තේ කාත්තාන්කුඩිය අස් සුහදා විද්‍යාලයෙනි. ඉන් අනතුරුව හයවැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා කාත්තාන්කුඩිය මධ්‍ය විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ ෆර්තාර් සිසුවා, කටපාඩම් අධ්‍යාපනයට පමණක් සීමා නොවී විෂය බාහිර ක්‍රියාකාරකම් මෙන්ම ක්‍රීඩා කටයුතු සඳහා ද දැඩි උනන්දුවකින් සහභාගි වෙමින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ.

කිසිදු විටෙක පසුබට නොවන ධෛර්යය, අපරිමිත කැපවීම, ඉහළ උනන්දුව මෙන්ම නිශ්චිත ඉලක්කයක් ඔස්සේ නිරන්තරයෙන්ම තම අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීම මෙම සුවිශේෂී ජයග්‍රහණයේ ප්‍රධානතම රහස බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. තමාට මෙවැනි අභිමානවත් ජයග්‍රහණයක් කරා පියනැගීමට මූලික මඟපෙන්වීම ලබා දුන් අස් සුහදා විද්‍යාලයේ ගුරුභවතුන්ටත්, කාත්තාන්කුඩිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයටත් සිය හදපිරි කෘතවේදීත්වය හා උපහාරය පුද කිරීමට ද ජයග්‍රාහී සිසුවා මෙහිදී කටයුතු කළේය.

worker-to-a-target---says-commerce-first

worker-to-a-target---says-commerce-first