a-group-of-people-who-came-to-midigama-house-set-the-honda-civic-on-fire-and-fled

මිදිගම, ගංගොඩ යාහුවත්ත ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඊයේ (18) රාත්‍රී 11.30ත් 12.00ත් අතර කාලයේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

යතුරුපැදියකින් පැමිණ ඇති මෙම සැකකරුවන් නිවසේ ගේට්ටුව විවෘත කරගෙන භූමියට ඇතුළු වී, එහි නවතා තිබූ හොන්ඩා සිවික් වර්ගයේ මෝටර් රථයකට පළමුව ගිනි තබා ඇති අතර, අනතුරුව ටී-56 ගිනි අවියක් භාවිතා කරමින් නිවස දෙසට වෙඩි මුර පහක් පමණ එල්ල කර පලාගොස් ඇත.

මෝටර් රථයේ ඇති වූ ගින්න නිවැසියන් විසින් වහාම ජලය යොදා නිවා දමා ඇති බැවින් ඊට සිදුව ඇත්තේ සුළු අලාභහානියක් පමණක් වන අතර, වෙඩි ප්‍රහාර හේතුවෙන් නිවසේ බිත්ති, දොර සහ ජනෙල්වලට මෙන්ම මෝටර් රථයටද හානි සිදුවී තිබේ. කෙසේ වෙතත්, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී 35 හැවිරිදි නිවාසලාභී ව්‍යාපාරිකයා, ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් වැඩිහිටියෙකු නිවස තුළ සිට ඇතත්, ඔවුන් කිසිවෙකුටත් ඉන් ජීවිත හානියක් හෝ තුවාලයක් සිදුවී නොමැත.

අපරාධය සිදුවූ ස්ථානයේ තිබී සජීවී පතරොම් 10ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, මෙය "මිදිගම ලැන්සි" නැමති පාතාල කල්ලිය හා අදාළ ව්‍යාපාරිකයා අතර පවතින යම් ආරවුලක් හේතුවෙන් සිදුවූවක් බවට සැක කෙරේ. මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.