new-years-eve-results-01

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සිදුවන්නේ හරියට ම විවහාර ක්‍රි.ව. 2026
අප්‍රේල් 14 වැනිදා පූර්වභාග 9:32:22ටය. මේ මොහොත ඉතාමත් අශුභ කිරණ විශ්වයට හෙළන
අවස්ථා බව පෙනී යයි. සූර්යයා මීන රාශිය අතහැරීමත් සමග රේවතී නැකත ද අතහරී. රාශී, නැකත්,
නැකත් පාද, ශඩ්වර්ගය ද, විශ්වයේ එකිනෙකට බැඳී ඇති සියලු ම සම්බන්ධතා අවසන්කර නව සම්බන්ධතා
ගොඩනඟා ගන්නා මෙම අවස්ථාව ගණ්ඩාන්ත දෝෂ සහිත අවස්ථාවක්වේ. ඉන් පසු සූර්යය නව වර්ෂයකට
ඇතුළත් වන්නේ මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග අස්විද නැකතේ ප්‍රථම පාදයත් අනෙක් ග්‍රහ
සම්බන්ධතා ගොඩනඟා ගැනීමත් සමගයි. විශ්වයේ මෙවැනි අවස්ථා වර්ෂයකට තුන් වතාවක් ඇතිවන බව ඔබ
දන්නවා ද? එමන්ම අනෙකුත් ග්‍රහයෝ සූර්යයාට සමගාමීව ගෝචර වේ. බුධ ග්‍රහයා සැම අවස්ථාවක
දීම සූර්යයාගෙන් අංශක 28කට වඩා ඈත් වන්නේ නැත. සිකුරු ද අංශක 48කට වඩා ඈත් නොවේ.
එබැවින් බුධ සිකුරු සූර්යයා හා සමානවම රාශි දෙකක පරතරයක් තුළ විද්‍යාමනවේ. කුජ එසේත් නැතිනම්
අඟහරු මාස එකහමාරක් පමණ එක රාශියක හැසිරේ. බ්‍රහස්පති එළැබෙන ජූලි මාසයෙන් පසුව උච්ච
කටකයට නියත වශයෙන්ම සම්ප්‍රාප්ත වේ. සෙනසුරු 2026 වර්ෂය පුරා ම මීන රශී ගත වී ඇති බව
දක්නට ලැබේ.


      මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් අයගේ ග්‍රහ ගෝචර ගමනේ රවි මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමත් පූර්ව භාග
9:32ට සූර්යයා ලග්නයේ ගෝචරය ඇරඹේ. මේ වර්ෂයේ දී ඔබගේ සියලු ම බලාපොරොත්තු ඉෂ්ට
කරගැනීමට තරමක වෙහෙසක් දැරීමට සිදුවන බව පෙනේ. එහෙත් බලාපොරොත්තුවෙන් සිටි විදේශ ගමන්
ජාත්‍යන්තර නව සමාගම් සම්බන්ධතා දේශ සීමාවෙන් පිට ගිවිසුම් සඳහා සුබවාදී වේ.

ඔබ බලාපොරොත්තුවෙන් සිටි රැකියාවට අයදුම් කිරීමට හෝ රැකියා ලාබයටත් රැකියාවේ උසස් වීම
ලබාගැනීමටත්, උසස් වීම සඳහා පවතින තරග විභාගවලට මුහුණ දීමටත් වඩා සුබයි. අදායම වෙනදාට
වඩා වැඩි කරගන්න අලුතින් වැඩ ක්‍රියාත්මක කිරීමටත්, ඔබ ස්වයං රැකියාවක් හෝ තමා විසින් සිදු කරන
කුඩා ව්‍යාපාරයක හිමිකරුවකු නම් ඔන්න ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව පවතින කාල
වකවානුවක් මේෂ ලග්නයෙන් උපන් ඔබට උදා වී ඇත. විදේශ රැකියාවන් හෝ සූක්ෂම කටයුතුවලට උනන්දුවක්
දක්වන ඔබට ඉතාම සුබදායක දින දෙකකි.

අලුත් වැඩවලට හා තාක්ෂණික කටයුතුවලට අත තැබීමට ඉතා සුබයි. සෙනසුරුගේ මහ දශා, අතුරු දශා
ගෙවමින් පවතින අය ප්‍රවේසම් වන්න. මොකද මේ වර්ෂය තුළ ද ඔබට 12 වැන්නේ සෙනසුරු ගෝචර වන
බැවින් ජන්ම ඒරාෂ්ටක අපල කාලය බලපෑම තව දුරටත් ක්‍රියාත්මක වේ. මුදල් ප්‍රවේසම් කරගන්න,
සොර සතුරු පීඩා මෙන්ම මුදල් පරිපාලන ක්‍රමවත් නොවුණහොත් මුදල් වියදම වැඩි විය හැක. ලග්නාධිපති
කුජ ග්‍රහයාගේ බලපෑම මත හොඳ නරක දෙකෙහිම බලපෑම් මේ වර්ෂය තුළ ක්‍රියාත්මක වේ.

අය 12 වැය 11
සුබ වර්ණය රතු
ජය අංක 14,16


      වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ගෝචරය නව අභිනව සූර්යයා සංක්‍රාන්තිය 12 වැන්නෙ මේෂ
රාශියේ රවි ගෝචර වීම ආරම්භ වන නිසා වෘෂභ ලග්න හිමියාට මේ වර්ෂය තුළ දී පුණ්‍යකර්මවල යෙදීම,
තම ශාස්තෲන් කෙරහි භක්තිමත්ව කටයුතු කිරීමෙන් ඔබට ඇති බාධක රැසක් නිරාකාරණය කරගත හැක.

රැකී රක්ෂා වෙළෙහෙළඳාම් කටයුතු, ව්‍යාපාර කටයුතුවලට ඉතා සුබාදායකවේ. බලාපොරොත්තු වූ
රැකියාවේ වෙනස, රැකියාවලට ඇරයුම් සහ උසස් වීම්වලට හේතු ඇත.

ආදායම ද සරුවේ. අත මිට මුදල් ගවසෙන කාලයකි. දුර බැහැර ගමන් බිමන් යෙදේ. ඉන් වාසි සැලසේ.

පවුලේ අයගේ ආදරය හිමි වේ. ධනය ඉතිරි කිරීමට සුබ කාලයකි. ඥාති සම්බන්ධතා වර්ධනය වන කාලයක්
වන අතර පළුදු වූ ඥාති සම්බන්ධතා හොඳින් ශක්තිමත් කරගැනීමට අවස්ථාව උදාවේ. ණය ගනුදෙනුවලදී
වඩාත්ම ප්‍රවේසමෙන් කටයුතු කරන්න. නීතිමය ගැටලු මෙන්ම දුන් මුදල් මේ වර්ෂයේ දී ගැනීමේ දී සිත්
අමනාපකම් ඇතිවීමට හේතු ඇතිවිය හැකිය.

අය 5 වැය 9
සුබ වර්ණය සුදු
ජය අංක 8-12


      මිථුන ලග්නය

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ගෝචර ගමන සූර්යයා ආරම්භ කරන්නේ 11 වැන්නේය. 11 වැන්නේ සූර්යයා
කෝටියක් දෝෂ බංග කළ ද ලග්නාධිපති බුධ ග්‍රහයා වැඩි වශයෙන් අසුබ දෙන නිසාත් මේ වර්ෂය තුළ
මිථුන ලග්නයෙන් උපන් ඔබ ප්‍රවේසමෙන් කටයුතු කළයුතුයි. හදිසි අනතුරු ගෘහ ආශ්‍රිත පීඩනය, මානසික
දුර්වලතා ඇතිවිය හැක. ණය තුරුස් ගෙවා ගැනීමට අපහසු වන හෙයින් නින්දාවටත් මානසික වියවුල් වලට
භාජනය වන හෙයින් චීත්තපීඩා ඇතිවිය හැක. කුඩා සතුන්ගෙන් හානි ඇතිවිය හැක. උසස් අධ්‍යාපන
කටයුතුවල යෙදෙන අයට ඉතා සුබදායක වේ. සාහිත්‍ය නිර්මාණ කරන අයට ඉතා සුන්දර නිර්මාණ ඇති
කිරීමට මේ දින ඉතා සුබයි. ඔබට රැකියාවෙන් දුරස්වීම්වලට හේතු ඇතිවිය හැක. දරුවන්ගේ කටයුතු සඳහා
වියදම් සිදුවන වර්ෂයකි. දරුවන්ගේ විභාග කටයුතු වලට මෙම වර්ෂය සුබ වන අතර දරුවන්ගේ කටයුතු වලින්
ඉතාමත් සතුටු විය හැකි වර්ෂයක් වේ.

අය 8 වැය 10
සුබ වර්ණය කොළ
ජය අංක 24,28


      කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබගේ අහිනව සූර්ය සංක්‍රන්ති මංගල්‍යත් සමග මෙම වර්ෂය ඉතාමත් සතුටින්
ගතකළ හැකි වර්ෂයක් වනු ඇත. කලකට පසුව මෙම වසර ඔබගේ විවාහ දිවියට සුබ දායක වර්ෂයක් වේ.

මෙතෙක් විවාහය තුළ මත භේද, අඩදබර පැවතියා නම් ඒවා විසඳගෙන සතුට සමාදානය ඇතිකර
ගතහැක. විවාහ යෝජනා ස්ථිර වේ. සහයක සම්බන්ධතා වර්ධනය වේ.

සේවායට සේවා ස්ථානයට විශ්වාස දායක සේවකයන් හමුවේ. ශරීර සෞඛ්‍ය පිළිබඳ ගැටලු ඇතිවේ.
ශල්‍යකර්මවලට භාජනය වන අය තම සෞඛ්‍ය හේතු නිවැරදිව නිරාකරණය කරගත යුතුය.

දුගී මගී යාචකාදීන්ට දන් පැන්වලින් සංග්‍රහ කිරීම ද වතාවත්වලට යොමු වීම ද අත්‍යවශ්‍ය වේ.
රැකියා බලාපොරොත්තු සපල වේ. අදායම් තත්ත්වය හොඳින් ගොඩනඟාගත හැක. දියුණුවේ හිනිපෙත්තටම
යෑමට මේ වර්ෂය තුළ දී ඔබට හැකියාව ඇත. මැනවින්,ප්‍රවේසමෙන් ආර්ථිකය කළමනාකරණය කිරීම මේ
වර්ෂයේ දී අනිවාර්යයෙන් සිදුවිය යුතුය.

අය 7 වැය 4
සුබ වර්ණය ළා කහ
ජය අංක 16,38


      සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ගෝචර ගමනේදී සූර්ය සංක්‍රාන්තිය සිදුවන්නේ 9 වැන්නේ බැවින් මේ
වර්ෂය තුළ දී ඔබ වැඩිපුර ප්‍රවේසමෙන් කටයුතු කළයුතුම සතියක් වේ. අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය
ප්‍රබලව බලපෑම් කරන අතර ශරීර සෞඛ්‍යට ප්‍රබලව බලපෑම් කරයි. හෘදයාබාධ සම්බන්ධයෙන්
ප්‍රතිකාර ලබන අය, ලේ සම්බන්ධ දොස තිබෙන අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න. දුර ගමන් බිමන්
යෙදුණත් ඒවායින් වළකිනවානම් ඉතා හොඳයි. අනුන්ගේ ප්‍රශ්නවලට අත නොපා සිටීමට වග බලාගන්න.
හදිසි අනතුරු, ගෘහ ආශ්‍රිත අනතුරුවලට හේතු ඇත. වාහන ගමන් බිමන්වලින් අනතුරු ඇතිවිය හැකි බැවින්
ප්‍රවේසමෙන් කටයුතු කරන්න. පෙර පින් කුසල් ඉස්මතු කරගන්න වෙර වීර්යය දරන්න. ඔබට පළුවන්… ඔව්
ඔබට පුළුවන් ඔබගේ යටපත් වූ කුසල් ඉස්මතු කරගෙන දැනට ග්‍රහ චාරයේ පවතින දුර්වලතා යටපත්
කරගෙන පවතින ගැටලුවලින් අත්මිදී වාසය කරන්න. අනුන්ගේ ගුණදොස් හොයන්න යන්න එපා. තමන්ගේ අත
තමන්ගේ සෙවනැල්ල කරගෙන ජීවත් වීම මේ වර්ෂය තුළ දී ඔබ සිදුකළ යුතුමය.

අය 4 වැය 12
සුබ වර්ණය තද රතු
ජය අංක 7,19


      කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ගෝචර ගමනේදී සූර්ය ගෝචර ගමන 8 වැන්නේ සිදුවන නිසා මේ
වර්ෂය තුළ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. දරුවන්ගේ තරග
විභාග, ක්‍රීඩා තරග ඇත්නම් ඒවාට සුබාදායක කාලයකි. ඉන් ජයග්‍රහණය අත් වේ. නීතිමය ගැටලුවක්
නිසා පීඩනයටත් නීතිමය ගැටලුවලට මුහුණ දීමටත් සිදුවන බැවින් ප්‍රවේසමෙන් කටයුතු කරන්න. ණය මුදල්
සම්බන්ධයෙන් ගැටලු මතුවේ. දුන් මුදල් නැවත ලබාගැනීමට නොහැකි වේ. වැටීම්, තැලීම්, තුවාලවීම්,
හදිසි අනතුරුවලට භාජනය වීම් ලේ සහිත දෝස ඇතිවීම, කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ වර්ෂය තුළ දී
සිදුවිය හැකි බැවින් ප්‍රවේසමෙන් කටයුතු කරන්න.

අය 16 වැය 12
සුබ වර්ණය ළා කොළ
ජය අංක 11,23


      තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ චාරය සූර්ය සංක්‍රාන්තියත් සමග 7 වැන්නේ ගෝචර වන හෙයින් මේ
වර්ෂයේ තුලා ලග්නයට තරමක් සුබදායක කාලයක් වේ. නිවසක ප්‍රශ්නයක් විසඳා ගත හැක. නිවසේ
අලුත්වැඩියා කටයුතුවලට මේ කාලය යෙදවීමට සිදුවේ. මුදල් විදමක් සිදුවේ. වාහන ලාබවලට හිමිකම්
කියයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩකරන වර්ෂයක් වේ. තරමක වෙහෙසකාරී වේ.
නෑදෑයෙක්ගේ වෙන් වීමක් හෝ වියෝවක් සිදුවීමට පුළුවන්. විවාහ බාධක ජය ගතහැක. විවාහ
අපේක්ෂකයින්හට මේ වර්ෂය සුබාදායකය. දියුණුව වෙනුවෙන් වෙහෙස මහන්සි වන අයට සුබදායක කාලයක්
උදා වේ. සියලුම බලවේග පාලනය කර සමෘද්ධිය වර්ධනයට මේ වර්ෂය යහපත් වේ.

අය 9 වැය 8
සුබ වර්ණය රෝස
ජය අංක 24, 35


      වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ගෝචර ගමනේදී සූර්ය සංක්‍රාන්තිය සිදුවන්නේ 6 වැන්නේදීය. ඒ
බැවින් ඔබගේ පෞරුෂය ට හානි කටකතා ඇතිවීමට හැකියාව පවතින කාලයක් 2026 වර්ෂය තුළ දී සිදුවීමට
පුළුවන්. වැඩි කාලයක් අනුන්ගේ ගුණදොස් වලට මුහුණපෑමට සිදුවන බව කිවයුතුය. එබැවින් ප්‍රවේසමෙන්
කටයුතු කරන්න. කළ වැඩවල මුදල් ප්‍රමාදයක් නිසා වැඩ සියල්ලම අඩාල වේ. ගේ දොර යන වාහන
ඉඩකඩම් පිළිබඳ ගැටලුවක් නිරාකරණය කරගත හැක. පවුලේ සමගිය ඇතිවේ. සහෝදර සම්බන්ධතා වර්ධනය
වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වියදම් දැරීමට සිදුවේ. නීතිමය ගැටලුවලට මුහුණ පෑමට
සිදුවේ. මුදල් ප්‍රශ්න නිසා හැම විටම ලතැවුල් ඇතිවේ. සිතේ සතුට හොයාගෙන යෑමට සිදුවේ. මේ
වර්ෂය තුළදී ද ඔබගේ ගැටලු නිරාකරණය කරගැනීමට තෙවැනි පාර්ශ්වයකින් සහය පැතීමට සිදුවන නිසා
සහයට සහයෝගයට තවකෙකුගේ උදව් උපකාර ඔබට හිමි වේ.

අය 4 වැය 11
සුබ වර්ණය රතු
ජය අංක 19,26


      ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ගෝචර ගමනේදී සූර්ය සංක්‍රාන්තිය සිදුවන්නේ 5 වැන්නේදීය. ධනු
ලග්න ඔබට මේ වර්ෂය තුළ නොසිතූ ධන සම්පත් හිමි වේ. භූමි ලාබ, කෘෂිකාර්මික අතින් ලාබ ඉපයීමට
හැකිවීම මේ වර්ෂයේ දැක ගත හැක. ලොතරැයි වාසනා හිමිකාරිත්වය ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්
වන්න. සහෝදර යන් නිසා ඒ අයගේ වැඩ කටයුතුවලට මැදිහත් වී ප්‍රශ්න විසඳීමට සිදු වේ. නිවසේ
ගැටලුවක් නිරාකාරණය කරගත හැක. අලුතින් නිවාසයක් මිලදී ගැනීමට හෝ නිවාස වල වැඩ කටයුතු ආරම්භ
කිරීමට සුබ කාලයක් ධනු ලග්නයෙන් උපන් ඔබට හිමිවේ.

අය 8 වැය 5
සුබ වර්ණය කහ
ජය අංක 13,29


      මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ සූර්ය සංක්‍රාන්තිය 4 වැන්නේ සිදුවන මේ වර්ෂය ඉතාමත් සතුටුදායක
වර්ෂයක් වනු නොඅනුමානය. ඔබට ඉතා සුබදායක සතියක් වේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාබ
ඉපයීමට හැකියාව පවතී. අන් අයගේ කිර්තිය ප්‍රසංසාවට ලක්වේ. තරගකාරී කටයුතු වලින් මුල් පුටුව
හිමිවේ. කා අතරත් ජනප්‍රිය වේ. වාහන ලාභ, භූමි ලාබ ලැබීමේ වාසනාව හිමි වේ. දුර ගමන්
යෙදේ. මංගල යෝග, මංගල යෝජනා ස්ථිර වේ. අදායම සරු වේ. අත මිට මුදල් ගැවසෙන කාලයකි.
අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වී නිකරුණේ කාලය නාස්ති කර ගනී.

අය 9 වැය 2
සුබ වර්ණය තද නිල්
ජය අංක 4,31


      කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ගෝචර ගමනේ සූර්ය සංක්‍රාන්තිය 3 වැන්නේ සිදුවන බැවින් විදේශ
ගමන්වලට සුබ කාලයකි. විදේශ සම්බන්ධතාවලින් වාසි සැලසේ, සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් අය
වැය සමබර කරගෙන් ඔබට ඇති ප්‍රශ්න නිරකරනය කරගත හැක. ගත් ණය මුදලක් පියවීමට හැකි වන අතර
ඔබගේ මුදල් පසුම්බියේ මුදල් රැක ගැනීමට සිදු වේ. වංචනිකව හෝ මුදල් අස්ථාන ගතවීමකට මේ කාලයේ
ලක් වීමට ඉඩ තිබේ. අසාත්මිකතාවයන් හා ඇස් ආශ්‍රිත රෝග පීඩාවලට ලක්වීමට ඉඩ අත. පවුලේ ඇතිවන
ප්‍රශ්නයක් නිරාකාරණය කිරීමට සිදුවේ. ඒ සඳහා මුදල් වැය කිරීමට සිදුවන බැවින් කල්පනාකාරී වන්න.
දුර බැහැර ගමන් බිමන් යෙදේ. ඉන් වාසිද අත්වේ. ඔබ හිමිකම් කියන දේපළවල අයිතිය හිමිකර ගැනීමට
මේ වර්ෂය සුබදායක වේ. ව්‍යාපාරවලින් ලාබ උපයා ගැනීමට හැකියාව උදාවේ. ලග්න ඒරාෂ්ටක
අපල කාලයේ අවසාන භාගය ගෙවමින් පවතින බැවින් මේ කාලය වැඩිපුර ප්‍රවේසමෙන් කටයුතු කිරීම
ඉතාමත් වැදගත්ය

අය 9 වැය 6
සුබ වර්ණය ළා නිල්
ජය අංක 22,31


      මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ චාරයේ සූර්ය සංක්‍රාන්තිය 2 වැන්නේ සිදුවන අතර ලග්න ඒරාෂ්ටක
අපල කාලයේ උපරිම පල දෙන හෙයින් ඔබ වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු වර්ෂයකි. යහමින් මුදල්
අතමිට ගැවසුණ ද ඔබගේ මුදල්වලට වෙන දෙයක් සිතා ගැනීමට නොහැකි වන තරම් වැය පස ඉහළ යයි.
අනවශ්‍ය දේ වෙනුවෙන් වියදම් වැඩිවේ. ශරීර සෞඛ්‍ය පිළිබඳ ගැටලුවක් මතු වේ. ඒ සඳහා ප්‍රතිකාර
ලබා ගැනීමට පවා සිදුවේ. ළඟම මිතුරන් හතුරු වේ. මෙසේ පොදු පලාපල ඔබගේ ජන්ම පත්‍ර
පරීක්ෂාවකින් නිරකරනය කර ගන්න. වර්ෂය මැද වනවිට නොසිතූ ධන සම්පත්වලට හිමිකම් කියයි. ඉස්ථිර
ආදායම් මාර්ග උදාවන කාලයක් වර්ෂ අවසානයේදී සකසා ගත හැක.

අය 4 වැය 12
සුබ වර්ණය කහ
ජය අංක 18,20


ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යා, වාස්තුවිද්‍ය, හස්තරේකා පාඨමාලා උපදේශක
ආචාර්ය ඉනෝකා චතුරානි හපුආරච්චි
070 720 5517/077 106 6810