in-the-past-when-we-met-100-people-they-would-talk-to-each-other-now-99-times-they-take-selfies-with-us-in-pohottuwa

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක සියත ටීවී නාලිකාවේ දේශපාලන වැඩසටහනකට පැමිණ මෙසේ කියා තිබේ. 
ප්‍රශ්නය 
"ගෙවල් ගිනි තියලා පාරට බහින්න බැරි තත්ත්වයක් නේ උදාවෙලා තිබුණේ.

පොහොට්ටුවේ සාමාජිකයන්ට දැන් කොහොමද? දැන් සිරිපාදේ වන්දනා කරද්දී, පාරේ තොටේ යද්දී ලැබෙන ප්‍රතිචාරත් එක්ක බැලුවම තත්ත්වය කොහොමද?" 




පිළිතුර 

"මම හිතන්නේ ඕගොල්ලෝ ඒක දකින්න ඇති. දැන් පාරේ යද්දී සීයක් හම්බුණොත්, අනූනවයක්ම කතා කරලා සෙල්ෆි එකක් ගන්නවා. ගිය සැරේ නම් සීයක් දැක්කොත් දෙන්නෙක් වගේ තමයි කතා කළේ. දැන් ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරිලා වගේ තමයි තේරෙන්නේ. දැනට එහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි නාමල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුව තුළ කරන කාර්යභාරය සහ විපක්ෂයේ කාර්යභාරයත් එක්ක ජනතා ආකර්ෂණය වැඩි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන්, එදා එල්ල කරපු බොරු චෝදනා එකින් එක බොරු බවට පත් වෙමින් තියෙනවා. විශේෂයෙන් ලොකුම චෝදනාව උගන්ඩාවෙ සල්ලි හංගපු කතාව"

gossiplanka image