this-is-a-time-to-respect-sale-and-not-to-arrest-him

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් සිය බලවත් කනගාටුව පළ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන් සලේ මහතාට මෙකල ලබා දිය යුත්තේ අත්අඩංගුවට ගැනීමක් නොව ගෞරවයක් බවයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12 වැනිදා) තිස්සමහාරාම, සිරිමංගල පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමිනි.

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ තම පාලන කාලය තුළදී සම්බුද්ධ ශාසනය ඉහළින්ම සුරක්ෂිත කරමින් කටයුතු කළ බවත්, වත්මන් ආණ්ඩුවෙන් ශාසනයට එවැනි සේවාවක් ඉටු වන්නේද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බවත්ය.