sirase-asanka-left-prematurely

සිරස සහ ශක්ති රූපවාහිනී නාලිකාවල ජ්‍යෙෂ්ඨ වේශ නිරූපණ ශිල්පිනියක (අංග රචනය) ලෙස කටයුතු කළ අසංකා මනෝරි අතුකෝරළ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය හතළිස් අටවැනි (48) වියේ පසුවූවාය.




ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහි වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියදී 12 වැනිදා උදෑසන කාලයේදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවන ගමනින් සමුගෙන ඇත.

කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අසංකා මහරාජා රූපවාහිනී මාධ්‍ය ජාලයේ දිගු කලක් අංග රචනා ශිලිපිනියක ලෙස සේවයේ නිරතව සිටි අතර දිවයිනේ බොහෝ කලා ශිල්පීන්ගේ හිතවතියකව සිටියාය. අභාවප්‍රාප්ත අසංකා මනෝරි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව 13 වැනි සිකුරාදා සහ 14 වැනි සෙනසුරාදා යන දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා තලාහේන, කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි මහින්ද පනාගොඩ මල් ශාලාවේ දේහය තැන්පත් කර තැබෙනු ඇත.




අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු 14 වැනි සෙනසුරාදා සවස 6.00 ට තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.

sirase-asanka-left-prematurely

sirase-asanka-left-prematurely

sirase-asanka-left-prematurely