හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය චන්න ජයසුමන මහතා වත්මන් රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය.
එළඹෙන සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකැත් සීට්ටුව සකස් කිරීමේදීද රජයේ උද්දච්චකම මනාව ප්‍රදර්ශනය වූ බව ඔහු කියයි. මුලින් රජය විසින් නැකැත් ලබා නොදීම හේතුවෙන්, රටේ ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදීන්ගේ එකඟතාවයෙන් සකස් කළ ලිතක් තමන් විසින් ප්‍රසිද්ධ කළ බව ඔහු සඳහන් කළේය. ඉන් අනතුරුව, විෂය භාර අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත වෙනත් පිරිසක් ලවා ප්‍රවීණයන් විසින් සකස් කළ වේලාවන් විනාඩියකින් හෝ දෙකකින් වෙනස් කරමින් රජයේ නැකැත් ප්‍රකාශයට පත් කර ඇති බව ජයසුමන මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව, ජ්‍යෝතිෂ්‍යවේදීන් විසින් පෙරවරු 10.41 ට සහ පස්වරු 12.05 ට ලබා දී තිබූ නැකැත්, රජය විසින් පෙරවරු 10.51 සහ පස්වරු 12.06 ලෙස වෙනස් කර ප්‍රසිද්ධ කර තිබීම හරහා, රජය හුදෙක් ප්‍රවීණයන්ගේ මතය පිළිගැනීමට අකමැති බව පෙන්වා ඇතැයි ඔහු පෙන්වා දෙයි.
උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සහ ඒ සඳහා රජය හඳුන්වා දුන් කිව්.ආර් (QR) කේත ක්‍රමය සම්පූර්ණයෙන්ම අසාර්ථක වැඩපිළිවෙළක් බව ජයසුමන මහතා අවධාරණය කළේය. කිසිදු පූර්ව පරීක්ෂාවකින් තොරව ඉරිදා උදෑසන 6.00 ට හදිසියේම හඳුන්වා දුන් මෙම ක්‍රමය හරහා අලුතින් ලියාපදිංචි කළ වාහන සඳහා ද මෙතෙක් කේතයක් ලබාගැනීමට නොහැකි වී ඇති බව කියන ඔහු මීට පෙර 2019 දෙසැම්බර් මස ආරම්භ වූ කොවිඩ් වසංගතය හමුවේ වසර දෙකක් පුරා රටේ බලශක්ති අර්බුදය හිටපු ජනපති ගරු ගෝඨාභය රාජපක්ෂ සාර්ථකව කළමනාකරණය කිරීමට හැකි වූ බවද ප්‍රකාශ කළේය.

