නුවරඑළියේ ප්‍රථම විවාහ මංගල ප්‍රදර්ශනය - The wedding show by araliya 2026 මාර්තු මස 14 සහ 15 දෙදින පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, නුවරඑළිය අරලිය රෙඩ් හෝටල් පරිශ්‍රයේදීයි
14 සහ 15 දෙදින එම හෝටල් පරිශ්‍රයට පැමිණෙන ඔබට මංගල ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් හමුවීමට අවස්ථාව හිමි වනවා.
රූපලාවණ්‍ය සහ වේෂ නිරූපණ කුසලතාවයන් වෙනුවෙන් තරග සංවිධාන කර ඇති අතර ත්‍යාග මුදල් දිනාගැනීමට ද ඔබට හැකියි.
පළමු ත්‍යාගය ලෙස රුපියල් ලක්ෂයක්, දෙවන ත්‍යාගය ලෙස රුපියල් 75,000 ක් සහ තුන්වන ත්‍යාගය ලෙස රුපියල් 50,000 ක් හිමිවනු ඇති.
රූපලාවණ්‍ය ශිල්පී සහ ව්‍යවසායක චන්දිමාල් ජයසිංහ, චාමි හබරකඩ රූපලාවණ්‍ය ඇකඩමියේ හිමිකරු වන චාමි හබරකඩ, 2024 ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ අනුශූරතාව දිනාගත් නිරූපණ ශිල්පිනී ඉෂදි අමන්දා සහ වරංගනා හල්පගේ විනිසුරු මඩුල්ලෙහි කටයුතු කරනු ලබනවා.
මෙම තරගවලට සහභාගී වන සියලුදෙනාට සහතික පත්‍රයක් ද හිමිවනු ඇති.
The wedding show by araliya 2026 සඳහා පැමිණෙන සියලුදෙනාට, අරලිය රෙඩ් හෝටලයෙහි සහ ප්‍රදර්ශනයේ වෙළද කුටිවලින් විශේෂ වට්ටම් ලබාගත හැකියි.
ඇතුළුවීම නොමිලේ