a-tribute-to-lyricist-kumaradasa-saputanthri

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් දශක පහකට අධික කාලයක් පුරාවට ඉටුකළ අමිල මෙහෙවර අගයමින් ප්‍රවීණ ගේය පද රචක කුමාරදාස සපුතන්ත්‍රී මහතාට උපහාර පිදීමේ විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා සිටිසන්ස් සමූපකාර බැංකුව විසින් සංවිධානය කරන ලදී. මෙම අභිනන්දන ප්‍රණාම උළෙල පසුගිය 2026 පෙබරවාරි 14 වන දින අතිශය උත්කර්ෂවත් අන්දමින් බැංකුවේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි.

විවිධ අංශයන්හි විශිෂ්ටත්වය දැක්වූවන් ඇගයීම සඳහා බැංකුව විසින් හඳුන්වා දුන් "Evening with the Legend" හෙවත් 'අති විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙකු සමඟ සැඳෑවක්' යන නවතම සංකල්පයේ මූලික පියවර වශයෙන් මෙම උපහාර උළෙල ක්‍රියාත්මක කළ බව ශ්‍රී ලංකා සිටිසන්ස් සමූපකාර බැංකුවේ සභාපති චාමික වීරසිංහ මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා කලා ක්ෂේත්‍රය නියෝජනය කරමින් ආචාර්ය රෝහණ වීරසිංහ, කුලරත්න ආරියවංශ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, නිශ්ශංක දිද්දෙනිය, ජානක වික්‍රමසිංහ, සුනිල් ආර්. ගමගේ සහ බන්දුල නානායක්කාරවසම් ඇතුළු ප්‍රවීණයන් රැසක් සහභාගී වූහ. එහිදී සපුතන්ත්‍රී මහතාගේ ජීවන ගමන් මග සහ සුන්දර අතීත ස්මරණයන් පිළිබඳව බන්දුල නානායක්කාරවසම් මහතා විසින් හරවත් දේශනයක් ද පවත්වනු ලැබූ අතර, පැමිණ සිටි විද්වතුන්ගේ අදහස් දැක්වීම් හරහා උත්සවයේ අභිමානය තවදුරටත් තීව්‍ර විය. මෙම සියලුම ආරාධිතයන් සමඟ එක්ව බැංකුව විසින් එතුමා වෙත සිය ප්‍රණාමය පුද කරන ලදී.

එදින ආරම්භ කෙරුණු මෙම සුවිශේෂී ප්‍රණාම වැඩසටහන් මාලාවේ ඉදිරි ක්‍රියාමාර්ග සහ ගමන් මග පිළිබඳව පැහැදිලි කරමින් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී අමිල කටුවාවල මහතා විසින් උත්සවයේ කටයුතු නිමාවට පත් කරන ලදී.