prices-of-cement-sand-granite-and-iron-are-on-the-rise

දේශීය වෙළෙඳපොළ තුළ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 ත් 175 ත් අතර මුදලකින් ඉහළ දැමීමට අදාළ නිෂ්පාදන සමාගම් විසින් මේ වන විට පියවර ගෙන ඇත. සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා වැය වන පිරිවැය අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් මෙම නව මිල සංශෝධනය සිදු කිරීමට සිදුවූ බව එම නිෂ්පාදකයෝ අවධාරණය කරති.

මේ අතරතුර, සිමෙන්ති මිලට අමතරව ඉදිකිරීම් කර්මාන්තය සඳහා යොදාගන්නා අනෙකුත් ප්‍රධාන අමුද්‍රව්‍යවල මිල ගණන් ද මේ වන විට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම වැලි, කළුගල් සහ යකඩ ඇතුළු සියලුම ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල මෙලෙස දැවැන්ත ලෙස ඉහළ යාමේ අර්බුදයකට ක්ෂේත්‍රය මුහුණ දී සිටින බව එම සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් මහතා විසින් පෙන්වා දෙනු ලැබීය.