new-year-auspicious-seat-problem-is-over---astrologers-agree-with-the-government

ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමට දෙපාර්ශවයේම එකඟතාවය හිමි වූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.




ඒ අනුව ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න, තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල සහ විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයින් තමා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම අවසන් එකඟතාවයට පැමිණි බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

එලෙස සකස් කෙරෙන නැකැත් සීට්ටුව මුද්‍රණය කර, රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ජනතාවට එය ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.




මෙම නැකැත් සිට්ටු ප්‍රශ්නය දේශපාලනයට හරවාගෙන 'සර්වජන නැකැත් සීට්ටුව' නමින් විකල්ප නැකැත් සීට්ටුවක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ප්‍රමුඛ කණ්ඩායක් මගින් හඳුන්වා දෙනු ලැබිණි. කෙසේ වෙතත් එවන් විකල්පයක් දැන් අවශ්‍ය නැත.