ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබෙයි
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 300කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 3,990කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රුපියල් 120කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 1,602ක් බව නිවේදනයේ සඳහන්ය.
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරය රුපියල් 56කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 750ක් වෙයි.
මෙම මිල සංශෝධනය ගැන ලිට්රෝ සමාගම මෙසේ ප්‍රකාශ කර ඇත
"ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් සිදුකළ හැකි අවම මිල සංශෝධනය සලකා බැලීමෙන් අනතුරුව, මාස 18 පසුව (2024 අගෝස්තු මාසයෙන් පසු)
ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෘහස්ථ 12.5kg ගෑස් සිලින්ඩර මිල රු 300.00කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව දැනුම් දෙන්නෙමු."