gotabhaya-responds-to-bribery-commission-for-3-hours-about-illegal-housing-unit-transfers

කොළඹට තදාසන්න ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයක නිවාස කිහිපයක් නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයින්ට ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (17) දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී. අදාළ විමර්ශනයට අනුගතව කොමිසම මගින් කර තිබූ දැනුම්දීමකට අනුව ඊයේ උදෑසන 8.30 ට පමණ හිටපු ජනාධිපතිවරයා එහි පැමිණ ඇති අතර, පැය තුනකට ආසන්න කාලයක් අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු කොමිසමෙන් පිටව ගොස් ඇත.

මින් ඉහත ‍ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීමට යන අවස්ථාවන්හිදී විශාල මාධ්‍ය ප්‍රචාරණයක් සහිතව ඊට එරෙහි විරෝධතා වාර්තා කර තිබූ නමුත් මෙවර එවන්නක් සිදු නොවිණි. රට බේරාගත් විරුවා මේ ආකාරයට ප්‍රශ්න කිරීම උචිත නොවන බව එකල විශාල මාධ්‍ය ප්‍රචාරණයක්ද දියත්වූ නමුත් ගෝඨාභය ඊයේ රහසින්ම වාගේ එතැනට පැමිණ රහසින්ම වාගේ පිටව ගියේය.




මෙම සිදුවීමට පදනම් වී ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී අදාළ නිවාස සංකීර්ණයේ ඒකක පවරා දීම සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් නිර්දේශ සහිත ලිපි නිකුත් කර ඇති බවට එල්ල වී ඇති චෝදනාවයි. ඒ පිළිබඳව කොමිසම විසින් මේ වනවිටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් පෙබරවාරි 13 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර ඔහුට දැනුම් දී තිබුණි. එහෙත්, කල් තියා සූදානම් කරගත් සිංගප්පූරු සංචාරයක් හේතුවෙන් තමාට එදිනට පැමිණිය නොහැකි බවත්, ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉකුත් පෙබරවාරි 12 වැනිදා ඔහු විසින් ලිඛිතව කොමිසම වෙත දැනුම් දී තිබිණි.




හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ලබාදුන් නව දිනයට අනුව ඔහු මෙලෙස ඊයේ දිනයේදී කොමිසම හමුවේ පෙනී සිට අදාළ ප්‍රකාශය ලබා දීම සිදු කර ඇත.

gotabhaya-responds-to-bribery-commission-for-3-hours-about-illegal-housing-unit-transfers

gotabhaya-responds-to-bribery-commission-for-3-hours-about-illegal-housing-unit-transfers