despicable-slime-oppositions-want-to-make-conspiracies-somehow

ජනබලය ක්‍රියාකාරී කමිටු සාමාජික විදර්ශන කන්නන්ගර මහතා මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දක්වා තිබේ.

"සජිත් ප්‍රේමදාසගේ 'සෙවල' විපක්ෂය දැන් මේ අර්බුදයත් සමඟ ගමන් කරන්න උත්සාහ කරනවා. මේ අර්බුදයත් එක්ක ගල් අඟුරු ප්‍රශ්නයක් හට ගනිමින්, දවසින් දවස ගල් අඟුරු බලශක්තියේ තිබෙන ඒ ශක්තිය අඩුවෙමින් පවතිනවා කියලා දිගින් දිගටම කතන්දරයක් හදන්න ඔවුන් උත්සාහ කරනවා.




අපි දන්නවා මේ වන විට 23, 24 දවස් දෙකේ ලංකාවට තෙල් නැව් එන්නේ නැහැ කියලා. එතකොට වෙන්නේ, නැප්තා (Naphtha) සහ දැවිතෙල් නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් එන මාසයේ අග සිට ඊළඟ මාසයේ මැද දක්වා පමණයි. තෙල් පිරිපහදුවට අවශ්‍ය තත්ත්වයන් තිබෙන්නේ එහෙමයි.

ඉතින් එවැනි තත්ත්වයක් තුළ ඩීසල් හරහා විදුලි උත්පාදන කටයුතු කරන්නෙත් මේ වගේ කාරණා ඉතාම අසත්‍යකරණය කරමින්. ජනතාව තුළ නොසන්සුන්තාවයක්, වෛරයක්, කේන්තියක් ඇති කරන ආකාරයේ ගේමක් ගහමින්, ඉක්මනට ඡන්දයක් ගන්න පුළුවන්ද, මැතිවරණයකින් බලයක් ගන්න පුළුවන්ද කියලා මේ බිමේ ඉන්න 'සෙවල' විපක්ෂය උත්සාහ කරමින් ඉන්නවා.




ඒ එක්කම අපි දන්නවා, රාජපක්ෂලාට තියෙන විශාලම ප්‍රශ්නය තමයි ඔවුන්ගේ වංචා දූෂණ. අපි ඒ දේවල් දැක්කා. දැන් රාජපක්ෂලාගේ පවුල් ගස මේ සියලු දූෂණවලට පැටලෙමින් ඉදිරියට යනවා. රටේ ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙන තත්ත්වයක් තුළ, රාජපක්ෂ කල්ලියට ඕන වෙන්නේ ඉක්මනට මොකක් හෝ ආකාරයකින් මේ දූෂණ චෝදනාවලින් ගැලවිලා ආපහු 'ෂේප්මන්ට්' එකේ ඉන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න පුළුවන්ද බලන්නයි කියන එක අපි දන්නවා.

දිලිත් ජයවීර ඇතුළු ඒ විපක්ෂය යම් ආකාරයකට කුමන්ත්‍රණ න්‍යායක් හදන්න උත්සාහ කරනවා. විදේශ තානාපතිවරුන් සහ ඊශ්‍රායල තානාපතිවරයා හමුවෙලා ඔවුන්ගේ කල්ලිය උත්සාහ කරන්නේ රටට එරෙහිව ජාත්‍යන්තරයේ අතපෙවීමක් කරගන්න පුළුවන්ද කියලා බලන්නයි.



ඉතින් මේ වගේ ඉතාම නින්දිත විපක්ෂයක් තමයි අපේ රටේ ඉන්නේ. වගකීම් සහගතව ජනතාව ඒකරාශී කළ යුතු අවස්ථාවක, ඇත්තටම රටට විකල්පයක් දිය යුතු අවස්ථාවක, සැබෑ විපක්ෂයක් කටයුතු කළ යුත්තේ මේ ආකාරයට නෙවෙයි. මේ අර්බුදයෙන් ගොඩ යන්නේ කොහොමද කියන තැන සහ මේ අර්බුදයෙන් හරියටම ගොඩ යන්න ජනතාව තුළ නව ආකල්පයක් ඇති කරන්නේ කොහොමද කියන අරගලය තුළ තමයි සැබෑ විපක්ෂයක් සිටිය යුත්තේ. හැබැයි මේ විපක්ෂය හැමදාම කළා වගේ, මේ ආණ්ඩුව ආවට පස්සේ දවසින් දවස මොකක් හෝ ගල් මුගුරකින් හෝ ගල් කැටයකින් හරි පහර දීලා මේ ආණ්ඩුව බෙලහීන කරන්න, වට්ටන්න උත්සාහ කරන ඉතාම අමනෝඥ විපක්ෂ දේශපාලනයක ඇතමුන් තවමත් නිරත වෙමින් ඉන්නවා."