colombo-parking-fees-are-temporarily-removed

කොළඹ මහ නගර සභා බලප්‍රදේශය ඇතුළත රථවාහන ගාල් කිරීමේදී අය කරනු ලැබූ ගාස්තුව නැවත දැනුම් දෙන තෙක් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට කොළඹ මහ නගර සභාව විසින් පියවර ගෙන තිබේ.




මෙම තීරණය ගනු ලැබුවේ අද (18) දිනයේ කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන්, නාගරික මන්ත්‍රීවරුන් සහ අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී බව නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

ගෝලීය වශයෙන් පවතින යුදමය පසුබිම සහ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාව වෙත යම් සහනයක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ සඳහා නගර සභා මුදල් කමිටුවේ ඒකමතික අනුමැතිය ද ඒ සඳහා හිමිව ඇත.




ඒ අනුව, මීට පෙර පෙරවරු 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ රථවාහන නවතා තැබීමේදී ක්‍රියාත්මක වූ ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඉවත් කර ඇති බවත්, ඉදිරියේදී නැවත දැනුම් දෙන තුරු මහජනතාවගෙන් කිසිදු වාහන නැවැත්වීමේ ගාස්තුවක් අය නොකරන බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.