the-two-sltb-buses-that-collided-at-high-speed-in-weeravila-become-the-same-iron-pile---4-dead

අද උදෑසන කාලයේදී වීරවිල තුරුසෙවණ මංසන්ධිය ආසන්නයේ අම්බලන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ අතිශය භයානක රිය අනතුරක් හටගෙන ඇත. මෙම ඛේදවාචකයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් ඇති අතර, තවත් මගීන් හතළිස් දෙනෙකු පමණ දැඩි ලෙස තුවාල ලබා තිබේ.




මෙම අනතුරට මුල් වී ඇත්තේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ද්විත්වයක් එකිනෙක මුහුණට මුහුණලා දැඩි ලෙස ගැටීමයි. ඉන් එක් බස් රථයක් කොළඹ ප්‍රදේශයේ සිට කතරගම දක්වා ගමන් කරමින් තිබී ඇති අතර, අනෙක් බස් රථය තිස්සමහාරාම නගරයේ සිට කරාපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ එකක් බවට වාර්තා වේ. අතිශය දරුණු ආකාරයට බස් රථ දෙකට ගැටීමෙන් පසු එම දෙකෙහිම ඉදිරිපස එකම යකඩ කැබලිගොඩක් බවට පත්වූයේ මියගිය අයගේ සිරුරු කැබලිද සමගිනි. බස් රථ දෙක වෙන් කිරීමට ජේසීබී යන්ත්‍රවල සහායද ලබාගන්නට සිදුවිය.

අනතුරට මුහුණ දෙන අවස්ථාව වන විට මෙම බස් රථ දෙකෙහිම මගීන් විශාල ප්‍රමාණයක් ගමන් කරමින් සිට ඇත. අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශයේ ජනතාව සහ පොලිස් නිලධාරීන් එක්ව තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් කිහිප දෙනෙකුගේම තත්ත්වය ඉතා අසාධ්‍ය මට්ටමක පවතින බවයි.




මෙම බිහිසුණු රිය අනතුරට අදාළ නිශ්චිත හේතුව සහ ඊට අදාළ වැඩිදුර පරීක්ෂණ කටයුතු මේ වන විටත් වීරවිල පොලීසිය විසින් සිදු කරමින් පවතී.



gossiplanka collage