ප්‍රේක්ෂක හදවත් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා මහතා දැඩි ලෙස රෝගාතුර වී රෝහල්ගත කර ඇති බවට සංවේදී පුවතක් මේ වන විට වාර්තා වේ. පුංචි තිරය මෙන්ම රිදී තිරය ද එක සේ ජයගත් ඔහු මේ වන විට කොළඹ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
බොහෝ දෙනෙකු ඔහුව පෞද්ගලිකව නමින් හඳුනා නොගත්තද, සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය වූ "Yes Boss" ජනප්‍රිය ටෙලිනාට්‍යයේ "පිංතු" නැමැති ආරක්ෂක නිලධාරියාගේ චරිතය හරහා ඔහු මෙරට ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඊට අමතරව 'සබඳ පබිලිස්' සහ 'සකිසඳ එලියස්' වැනි එකල ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසකටම සිය හාස්‍යෝත්පාදක රංගනයෙන් දායක වෙමින් දෛනික ජීවිතයේ පීඩනයන්ගෙන් මිරිකී සිටි ජනතාවට සිය රංගනයෙන් සහනයක් සහ සිනහවක් ගෙන ඒමට ඔහු සමත් විය.
දැඩි ලෙස රෝගාතුර තත්ත්වයේ පසුවන මෙම ආදරණීය කලාකරුවා මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 14 වන වාට්ටුවේ නේවාසිකව වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියි. රූපවාහිනී තිරය හරහා මෙරට ජනතාවගේ විඩාව නිවාලමින් දිනපතා ඔවුන්ට සතුට ගෙන ආ මෙම කලාකරුවාගේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනගත් ඔහුගේ රසිකයින් බොහෝ පිරිසක් කණගාටුව පළ කරමින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සිටිති.