food-inflation-is-low-in-february-and-non-food-inflation-is-high

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 පෙබරවාරි මාසය සඳහා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය 2026 මාර්තු 23 වන දින ප්‍රකාශයට පත් කරනු ලැබීය. අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී.

කරුණාරත්න මහතාගේ නිවේදනයකට අනුව, ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය එනම්, පසුගිය වසරේ අදාළ මාසයට සාපේක්ෂව මෙම පෙබරවාරි මාසයේ උද්ධමනය 1.6% ක් ලෙස වාර්තා වී ඇත. මෙය පසුගිය 2026 ජනවාරි මාසයේදී 2.4% ක මට්ටමක පැවති අතර, ඒ අනුව පෙබරවාරි මාසය වන විට උද්ධමනයේ පැහැදිලි අඩුවීමක් නිරීක්ෂණය කළ හැකිය.




දර්ශක අගයන් සැලකීමේදී, 2026 ජනවාරි මාසයේදී 211.4 ක් ලෙස සටහන් වී තිබූ ජාතික පාරිභෝගික මිල දර්ශකය 2026 පෙබරවාරි මාසය වන විට 209.4 දක්වා අඩු වී ඇත. මෙම මාසික වෙනස්වීම සඳහා ආහාර කාණ්ඩය මගින් -0.92% ක දායකත්වයක් ද, ආහාර නොවන කාණ්ඩය මගින් 0.01% ක දායකත්වයක් ද ලබා දී තිබේ. ඒ අනුව සමස්ත මාසික වෙනස -0.9% ක් ලෙස සටහන් වේ. තවද, නිතර මිල වෙනස් වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන යටිදැරි උද්ධමනය හෙවත් මූලික උද්ධමනයේ දර්ශක අගය ද ජනවාරි මාසයේ පැවති 197.9 සිට පෙබරවාරි මාසයේදී 197.6 දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇත.

සමස්ත ජාතික පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීමේදී ආහාර කාණ්ඩය සඳහා 39.22% ක බර තැබීමක් ද, ආහාර නොවන කාණ්ඩය සඳහා 60.78% ක බර තැබීමක් ද යොදාගනු ලැබේ. 2026 පෙබරවාරි මාසයේ වාර්තා වූ 1.6% ක් වූ සමස්ත ලක්ෂ්‍යමය උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ උද්ධමනය 1.1% ක් ලෙස වාර්තා වී ඇති අතර, එය ජනවාරි මාසයේදී 3.4% ක් ලෙස ඉහළ අගයක පැවතුණි. කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේ පැවති 1.6% සිට පෙබරවාරි මාසයේදී 1.9% දක්වා තරමක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. සමස්ත ලක්ෂ්‍යමය උද්ධමනය වූ 1.6% සඳහා ආහාර කාණ්ඩයෙන් 0.5% ක දායකත්වයක් ද, ආහාර නොවන කාණ්ඩයෙන් 1.1% ක දායකත්වයක් ද ලැබී ඇති බව සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දෙයි.




මෙම නවතම දත්තයන්ට අනුව, 2021 පදනම් වර්ෂයට සාපේක්ෂව මේ වන විට රටේ පොදු මිල මට්ටමෙහි සමස්ත වැඩිවීම 109.4% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් තහවුරු කරයි. මීළඟට එනම්, 2026 මාර්තු මාසය සඳහා වන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2026 අප්‍රේල් 21 වන දින පස්වරු 3.00 ට නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතව ඇත

food-inflation-is-low-in-february-and-non-food-inflation-is-high

food-inflation-is-low-in-february-and-non-food-inflation-is-high

food-inflation-is-low-in-february-and-non-food-inflation-is-high