
අග්‍රාමාත්‍යවරිය විසින් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරිය ලෙස ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, 5 සහ 6 ශ්‍රේණි හැර 2 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා පාසල් සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නියමිතය.
මෙම නව තීරණය ගෙන ඇත්තේ මීට පෙර අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා නිකුත් කර තිබූ අංක 27/2025 දරන චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේදී වාර්තා වූ ප්‍රායෝගික ගැටලු රැසක් කෙරෙහි අවධානය යොමු කරමිනි.
2026 වර්ෂයේදී හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙම පියවර ගෙන ඇත. ඒ හරහා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම මෙන්ම පන්ති කාමර සඳහා අනුමත කර ඇති උපරිම ශිෂ්‍ය ධාරිතාව නිසි අයුරින් පවත්වාගෙන යාම රජයේ අරමුණ වී තිබේ.

