a-woman-was-arrested-for-cheating-a-lottery-win-worth-five-and-a-half-crores

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, රුපියල් පන්කෝටි හැටනව ලක්ෂයක වටිනාකමකින් යුත් ලොතරැයි ටිකට් පතක් වංචා කිරීමේ චෝදනාව මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.




කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය 2 වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත. එම පැමිණිල්ලට අනුව, අදාළ පුද්ගලයා විසින් තමන් මිලදී ගත් ලොතරැයිපතක දිනුමක් තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා ලොතරැයිපත් අලෙවි කරන්නියක වන සැකකාරියට ලබා දී තිබේ. කෙසේවෙතත්, එම ටිකට්පතට දිනුමක් නොමැති බව ඇය ප්‍රකාශ කළද, පසුව එයට රුපියල් පන්කෝටි හැටනව ලක්ෂයක දැවැන්ත දිනුමක් හිමිව තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙසට කරන ලද ඉල්ලීමකට අනුව, පොලිසිය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම 43 හැවිරිදි සැකකාරිය වැල්ලම්පිටිය, කුරුණියාවත්ත, ෂෙල් ගෑස් පාරේ පදිංචිකාරියකි. ඇය මේ වන විට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය (02) මගින් සිදුකරගෙන යනු ලබයි.