the-former-iranian-president-who-helped-build-uma-oya-has-also-been-killed

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් නැගෙනහිර ටෙහෙරානයේ නර්මාක් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ඒකාබද්ධ ඇමරිකානු - ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ප්‍රහාරයේදී හිටපු ජනාධිපතිවරයා සමග ඔහුගේ ආරක්ෂකයින් කිහිප දෙනෙකුද ඝාතනයට ලක්ව ඇති අතර, ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවල පළමු දිනය වූ පෙබරවාරි 28 වැනිදා ඔහුගේ ආරක්ෂකයින් තිදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු මුලින්ම අනාවරණය විය.

මෙම ඝාතනය සිදුවී ඇත්තේ ඉරානයේ උත්තරීතර නායකයාද ඇමරිකානු - ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වී එක් දිනකට පසුව වීම විශේෂත්වයකි.




ශ්‍රී ලංකාවේ උමා ඔය සංවර්ධන ව්‍යාපාරයට අතහිතදුන් මෙරට සංචාරය කරන ලද ඉරාන නායකයෙකුවීම නිසා හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් ශ්‍රී ලංකාවට විශේෂ වෙයි.

ඉරානයේ හයවන ජනාධිපතිවරයා ලෙස පත්වීමට පෙර අර්ඩබිල් පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසත් පසුව ටෙහෙරාන් නුවර නගරාධිපතිවරයා ලෙසත් කටයුතු කළේය. 2005 සිට 2013 දක්වා ඉරානයේ 9 වන සහ 10 වන පරිපාලනයන්ට නායකත්වය දුන් ඔහුගේ පාලන සමය, ඊශ්‍රායලයට සහ බටහිර රටවලට එරෙහිව දැඩි වාචික ප්‍රහාර එල්ල කිරීම සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන වේගවත් කිරීම හේතුවෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්විය.




2009 වසරේදී ඔහු ජනාධිපතිවරණයෙන් නැවත තේරී පත්වීම මතභේදයට තුඩු දුන් අතර, එය ඉරානය තුළ "හරිත ව්‍යාපාරයේ" (Green Movement) දැවැන්ත විරෝධතා නිර්මාණය කිරීමට හේතු විය. 2013 දී ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු, පාර්ලිමේන්තුව සහ භාරකාර මණ්ඩලය අතර ආරවුල් විසඳන උපදේශනාත්මක ආයතනයක් වන 'Expediency Discernment Council' හි සාමාජිකයෙකු ලෙස ඔහු මියයන විටත් සේවය කරමින් සිටියේය. කෙසේ වෙතත්, මෑත වසරවලදී 69 හැවිරිදි මෙම දේශපාලනඥයා ඉරානයේ වත්මන් පාලක ප්‍රභූ පැලැන්තියේ ජනප්‍රිය විවේචකයෙකු බවටද පත්ව සිටියේය.

තම පාලන සමය තුළ ශ්‍රී ලංකාව සමග සමීප සබඳතා පවත්වා ගත් අහමදිනෙජාඩ්, පකිස්ථානය හරහා ඉන්දියාවට ඉරාන ස්වභාවික වායු රැගෙන යාමේ නල මාර්ගයක් පිළිබඳ සාකච්ඡා කිරීමට පකිස්ථානයේ සහ ඉන්දියාවේ සිදුකළ සංචාරයන්ට සමගාමීව 2008 අප්‍රේල් මාසයේදී කොළඹට පැමිණ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. ඒ වන විට කොළඹ නගරය "සාම්ප්‍රදායික ආසියානු සහයෝගීතාවය" ප්‍රදර්ශනය කරන නාමපුවරු වලින් සරසා තිබූ අතර, සාධාරණත්වය සහ යුක්තිය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ ඔහු එම සංචාරයේදී ශ්‍රී ලංකාවේ උමා ඔය ජලවිදුලි සහ වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 1.9 ක සහන ණය සහ ප්‍රදානයන් ලබා දීමට එකඟ විය.



තවද, ශ්‍රී ලංකාවේ එකම ඛනිජ තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බැරල් 50,000 සිට 150,000 දක්වා තුන්ගුණයකින් ඉහළ නැංවීම වෙනුවෙන් ඩොලර් මිලියන 700 ක මුදලක් වැය කිරීමටද එහිදී ඉරානය ඉදිරිපත් විය. දෙමළ කොටි සංවිධානයට එරෙහි යුද්ධය යළි ආරම්භ වී තිබූ එම සමයේදී මානව හිමිකම් චෝදනා මත බටහිර රටවලින් ශ්‍රී ලංකාවට එල්ල වෙමින් තිබූ බලපෑම් හමුවේ, කොළඹ විදේශ ප්‍රතිපත්තිය බටහිර මිත්‍ර රටවලින් ඈත්ව ආසියානු කලාපය දෙසට හැරවීමේ සුවිශේෂී පියවරක් ලෙස මෙම සංචාරය සැලකිණි.

the-former-iranian-president-who-helped-build-uma-oya-has-also-been-killed

the-former-iranian-president-who-helped-build-uma-oya-has-also-been-killed

the-former-iranian-president-who-helped-build-uma-oya-has-also-been-killed

the-former-iranian-president-who-helped-build-uma-oya-has-also-been-killed

the-former-iranian-president-who-helped-build-uma-oya-has-also-been-killed

the-former-iranian-president-who-helped-build-uma-oya-has-also-been-killed