two-youths-killed-in-van-bike-accident

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පත හා ප්‍රදේශයේ පසුගිය 9 වන දින රාත්‍රියේ යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු මිය ගොස් වැන් රථයේ රියදුරු තුවාල ලබා ඇතිබව සීගිරිය පොලිසිය කියයි.




මෙසේ මිය ගොස් ඇත්තේ දිගම්පතහා ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන සේවකයන් දෙදෙනකු බවත් දඹුල්ල සහ තණමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි.වෑන් රථය දඹුල්ල සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබී ඇත. හබරණ දෙසින් දඹුල්ල දෙසට යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදී තවත් වාහනයකට ඉස්සර කිරීම සඳහා යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

කෙසේ වෙතත් අනතුර සිදුවූ ආකාරය පිළිබඳව නිශ්චිතව අනාවරණය කර ගැනීමට නොහැකි බවත් අනතුරත් සමග මියගිය තරුණයන් දෙදෙනා මාර්ගයෙන් බොහෝ දුරක් ඉවතට පැන වැටී තිබුණු බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.මෙසේ මිය ගොස් ඇත්තේ ගිම්හාන ජයතිලක සහ තවිදු චේතිය රත්නායක යන දෙදෙනෙකු වන අතර ඔවුන් සංචාරක හෝටලයේ සේවය කරමින් සිටියදී රෝගියකු බැලීමසඳහා දඹුල්ල රෝහලට යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.