the-sanga-summit-was-interrupted---murutthettuwe-ananda-thero

අද දින පැවැත්වීමට නියමිත මහා සංඝ සමුළුව විවිධ බාධා සහ තර්ජන මධ්‍යයේ වුවද සැලසුම් කළ පරිදිම පවත්වන බව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රකාශ කර තිබේ. හිමියන් දැක්වූ අදහස් පහත පරිදිය.

"අද පවත්වන මහා සඟ සමුළුවට නොයෙකුත් විදියේ බාධා පැමිණෙමින් පවතිනවා. කොච්චර බාධක ආවත් අද මේ පවත්වන සංඝ සමුළුව අපි ඒ ආකාරයෙන්ම පවත්වනවා. අපේ හාමුදුරුවන් වහන්සේලා බිය ගන්වනවා. තර්ජන ගර්ජන කරනවා. උන්වහන්සේලා අපට දුරකථන ඇමතුම් දීලා අහනවා අපි කොහොමද එන්නේ කියලා. මේ විදියට බිය ගන්වාගෙන ඉන්න නිසා, අපි හාමුදුරුවන්ට කියන්නේ බය වෙන්න එපා කියලයි. අපේ මේ අයිතිය, අපේ උරුමයන් ආරක්ෂා කර ගැනීමට අද දින පවත්වන මේ මහා සංඝ සමුළුව, බෞද්ධ පෙරමුණේ ව්‍යාපාර යෝජනා කළ අන්දමට අපේ කාර්ය මණ්ඩලය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සමඟ අපි ඔක්කොම ඒකාබද්ධ වෙලා, මේ සාකච්ඡා කළ ආකාරයටම කිසිම අඩුවක් පාඩුවක් නැතිව පවත්වනවා කියන කාරණය අපේ මහා සංඝරත්නයට මම ඉතාම සතුටින් සහ අභිමානයෙන් යුක්තව මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා."




මොන බාධා ආවත්, කෑගල්ලෙන්, ගාල්ලෙන් දැනටමත් හාමුදුරුවරු වැඩම කරලා ඉන්නවා. රටට ආදරේ ඇති, ජාතියට ආදරේ ඇති, සසුනට ආදරේ ඇති, මහා සඟරුවනේ අභිවෘද්ධියට බොහොම ආදරේ ඇති සියලුම මහා සංඝරත්නය වැඩම කරමින් පවතිනවා. දැනටමත් වැඩ සිටිනවා. යම් සමාජ මාධ්‍යවල මේ ගැන කතා වෙනවා. බුදු හාමුදුරුවන්ගේ දේශනාවට අනුව, මේ පංචස්කන්ධය රෝග නිධානයක්, භංගුර දෙයක් වුණත්, අපට හයිය තියෙනවා. අපේ ගමන අපි යනවා."

ඒක එහෙම වෙන්න ඕන කියලා අපි උන්වහන්සේලාගෙන් දැකලා තියෙනවා. ඇමතිතුමාව බොහොම ගෞරවයෙන් පිළිඅරගෙන අපට මේක කරන්න පුළුවන් වෙයිද? 


"රාජ්‍ය නායකයා විදියට එතුමාට එන්න තහනමක් නැහැ. නමුත් මෙතැනට ආවේ නැහැ. ජනාධිපතිවරයා ලංකාවට එනවා කියන්න. අපි කළේ විවෘත ආරාධනයක්."




අද මේ සමුළුවෙන් මොන වගේ දෙයක්ද රටට දෙන්න බලාපොරොත්තු වෙන්නේ?

"මේ රට පෙර රජ දරුවන් ආරක්ෂා කළා. බුද්ධාගමේ මාර්ගෝපදේශ සහ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි රාජ්‍ය පරිපාලනය අරගෙන ගියා. අන්න ඒ වගේ තත්ත්වයක් මේ බෞද්ධ රට තුළ ඇති කරනවා වගේම, අනෙකුත් ආගම්වලට කිසිම හානියක් කරන්නේ නැහැ කියන පණිවිඩය තමයි අපි මෙයින් දෙන්නේ."



ආණ්ඩුව බය වෙයිද දන්නේ නැහැ. 


"ඒක ගැන නම් අපි දන්නේ නැහැ."