the-president-has-come-to-watch-the-india-pakistan-match
2026 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වෙන අතිශය උද්වේගකර ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් ගැටුම නැරඹීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණියේය. මෙම සුවිශේෂී තරගය නැරඹීම සඳහා අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් මෙන්ම තරු පිරිවරක් ද ක්‍රීඩාංගණයට එක්ව සිටිති.




ජනාධිපතිවරයා සමඟ විශේෂ අමුත්තන්ගේ කුටියේ (VIP box) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි යන මහත්වරුන් ද එක්ව සිටිනු දැකගත හැකි විය.

සමස්ත ලෝකවාසී ක්‍රීඩාලෝලීන්ගේම දැඩි අවධානය දිනාගත් මෙම තරගය ලෝක කුසලාන තරගාවලියේ 'A' කාණ්ඩය යටතේ ක්‍රියාත්මක වන්නකි. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ බැවින් ඉන්දීය කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව හිමි විය.

තරගයේ නවතම තත්ත්වයට අනුව පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ඉන්දීය කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 126ක් ලබාගෙන සිටී.
the-president-has-come-to-watch-the-india-pakistan-match