පසුගිය සැප්තැම්බර් මාසයේදී විවාහ දිවියට එළැඹි ජනප්‍රිය ගායිකා සෙලීනා ගෝමස් සහ ප්‍රකට සංගීත නිෂ්පාදක බෙනී බ්ලැන්කෝගේ විවාහ මංගල්‍යය සිදුවූයේ ඔවුන් විවාහ ගිවිසගෙන වසරක් ගතවීමටත් මත්තෙනි.
'Only Murders in the Building' වැනි නිර්මාණ හරහා රංගනයෙන් දස්කම් පාන සෙලීනා ගෝමස් ඩොලර් බිලියනයකට අධික වත්කමකට හිමිකම් කියන අතර, බ්ලැන්කෝ යනු ලොව ජනප්‍රියම සංගීත තරු රැසකගේ ඇල්බම සඳහා දායක වූ දක්ෂ ගීත රචකයෙකු සහ නිෂ්පාදකවරයෙකි.
පසුගිය වසරේ වැලන්ටයින් දිනය වෙනුවෙන් 'Interview Magazine' සමඟ පැවති සාකච්ඡාවකදී ඔවුන් දෙදෙනා තම අන්‍යෝන්‍ය බැඳීම පිළිබඳව අදහස් දක්වා තිබූ අතර, සෙලීනා හමුවීමට පෙර තමන් පූර්ණ කාලයම වැය කළේ පරිණත පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට බවත්, නමුත් දැන් තමන් ඉතා ආදරණීය සම්බන්ධතාවයක සතුටින් පසුවන බවත් බ්ලැන්කෝ එහිදී සඳහන් කර තිබුණි.
ඇය කෙරෙහි තමන් තුළ පවතින ගෞරවය විස්තර කරමින් බ්ලැන්කෝ පවසා සිටියේ තමන් ඇය ගමන් කරන පොළොවට පවා නමස්කාර කරන බවත්, ඇය ද තමන්ට එලෙසම සලකන බව තමාට හැඟෙන බවත්ය.
ඔවුන් දෙදෙනා අතර කිසිදු ඊර්ෂ්‍යාවක් හෝ අහංකාරකමක් නොමැති අතර, දෙදෙනාම එකිනෙකාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත්, උදෑසන අවදි වන විට තමන් සිතන්නේ ඇයගේ ජීවිතය තවත් යහපත් කරන්නේ කෙසේද යන්න ගැන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, බ්ලැන්කෝ මෙහිදී තමන් තුළ පවතින යම් බියක් පිළිබඳවද අවංකවම පාපොච්චාරණය කර තිබූ අතර, එනම් යම් දිනක සෙලීනා නින්දෙන් අවදි වී, තමන් වැනි කෙනෙකු සමඟ සිටින්නේ මන්දැයි සිතා මෙම සම්බන්ධතාවය ප්‍රතික්ෂේප කරනු ඇතැයි තමන් විටෙක බිය වන බව ඔහු සිනාසෙමින් ප්‍රකාශ කළේය.
බ්ලැන්කෝගේ මෙම අනාරක්ෂිත හැඟීම හමුවේ සෙලීනා ඔහුට ලබා දී තිබුණේ ඉතා ආදරණීය පිළිතුරක් වන අතර, "ඔයාට මගෙන් ගැලවීමක් නෑ" යනුවෙන් පවසමින් ඇය ඔහුව සනසා ඇත.
සෙලීනා පවසන පරිදි, බ්ලැන්කෝ හමුවීමට පෙර වසර පහක පමණ කාලයක් තනිවම ජීවත් වීම, වර්තමානයේ ඔවුන් අතර ඇති ප්‍රේමය වඩාත් හොඳින් අගය කිරීමට ඇයට උපකාරී වී ඇති අතර, තමන් මීට වසර දහයකට පෙර සිටි මානසිකත්වයේ සිටියේ නම් බ්ලැන්කෝ ලබා දෙන මෙවැනි කොන්දේසි විරහිත ආදරයක් සහ ඉවසීමක් පිළිගැනීමට තමන්ට නොහැකි වනු ඇති බව ඇය විශ්වාස කරයි.