ralahami-was-hit-with-a-sandal-when-the-court-asked-her-to-give-the-child-to-her-husband

පේදුරුතුඩුව දිසා අධිකරණයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට සහ සිය සැමියාට පහර දුන් බවට චෝදනා ලබන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි. පසුගිය 30 වන දින අධිකරණය විසින් ඇය භාරයේ සිටි අට හැවිරිදි දියණිය දික්කසාද නඩුවක් සම්බන්ධයෙන් සැමියාට භාර දෙන ලෙස නියෝග කිරීමෙන් අනතුරුව, එම කාන්තාව කලහකාරී ලෙස හැසිරෙමින් තමන් පැලඳ සිටි සෙරෙප්පුව ගලවා මෙම පහරදීම සිදුකර ඇතැයි වාර්තා වේ.

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම, පහරදීම, තුවාල සිදුකිරීම, අධිකරණයට අපහාස කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා මත මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. අත්අඩංගුවට ගත් 36 හැවිරිදි අයියන්කරන් පවිදා නැමැති මෙම කාන්තාව, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මස 13 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත. පහරදීමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා රෝහල් ගත කර ප්‍රතිකාර ලබාගෙන තිබේ.