a-businessman-was-arrested-for-molesting-36-children

වයස අවුරුදු 18 ට අඩු දරුවන් 36 දෙනකුට අධික පිරිසකට ලිංගික අපයෝජන කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය සදහන් කරයි.මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව මහනුවර පේරාදෙණිය පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.




සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ඩිජිටල් උපාංග පරීක්ෂා කර කරන ලද විමර්ශනවල දී සැකකරු වයස අවුරුදු 18 අඩු ළමයින් 36 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට මෙලෙස ලිංගික අපයෝජන සිදු කර ඇති බවට අනාවරණය වී ඇතැයි එම කාර්යාංශය කියයි.

සැකකරු තවත් පුද්ගලයන් කීප දෙනෙකු සමග එක්ව ලිංගික ක්‍රියාකාරකම් වීඩියෝ දර්ශනය කර ඇති අතර එම අතවරයට පත් දරුවන් හඳුනාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා සැකකරුට එරෙහිව පැය 72 කාලයකට රැඳවුම් නියෝග ලබා ගන්නා බවත් පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට කොටහේන පොලිසියට බාර දී ඇත.38 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව සිටියේය.ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියගේ උපදෙස් මත ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.