protests-in-jaffna-against-gotabha

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන ලෙසත්, ඊට ආදේශකයක් ලෙස ගෙන ඒමට නියමිත නව පනත් කෙටුම්පත හකුළා ගන්නා ලෙසත් බල කරමින් අද දින යාපනය නගර මධ්‍යයේදී විශේෂ විරෝධතාවක් සංවිධානය කර තිබිණි.




ලලිත් සහ කුගන් යන ක්‍රියාකාරීන් අතුරුදහන් වීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීම, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක හේතු මත ප්‍රතික්ෂේප කිරීම සහ අධිකරණයට පැමිණීම මගහැරීම මෙම විරෝධතාවයේදී දැඩි විවේචනයට හා හෙළා දැකීමට ලක් විය.

රජය මීට මැදිහත් වී වහාම යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමට පියවර ගත යුතු බව විරෝධතාකරුවන් මෙහිදී අවධාරණය කළ අතර, යාපනය කේන්ද්‍ර කරගත් සමාජ අයිතිවාසිකම් ව්‍යාපාරය මෙන්ම දකුණෙන් පැමිණි සිංහල සිවිල් ක්‍රියාකාරීන් ද මෙම අවස්ථාවට එක්ව විරෝධතාකරුවන්ට සිය සහයෝගය පළ කර සිටීම විශේෂත්වයක් විය.

protests-in-jaffna-against-gotabha

protests-in-jaffna-against-gotabha

protests-in-jaffna-against-gotabha

protests-in-jaffna-against-gotabha