ඊයේ (5) දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා තිබුණි. එහිදී, දැනට රඳවාගෙන සිටින පාතාල කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් 'කෙහෙල්බද්දර පද්ම' නමැත්තා සමග ඇය සබඳතා පැවැත්වූ බවට වන චෝදනා සම්බන්ධයෙන් පැය තුනකට ආසන්න කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව CID ආරංචි මාර්ග සඳහන් කරයි.
CID කැඳවීමකට අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙරවරු 9.30 ට පමණ එහි පෙනී සිටි අතර, සිය ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පස්වරු 12.30 ට පමණ ආයතනයෙන් පිටව ගොස් ඇත. 'කෙහෙල්බද්දර පද්ම' නම් පාතාල කල්ලි නායකයා හා සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අනුව, මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන්ද CID විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර, තවත් හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය. 'කෙහෙල්බද්දර පද්ම' සමඟ පවත්වා ඇති සම්බන්ධතා ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්, වෙනත් අපරාධ හෝ නීති විරෝධී ලෙස මුදල් උපයා ඇත්ද යන්න පිළිබඳව CID වැඩිදුරටත් විමර්ශනය කරයි.