තරුණයෙකුට තවත් තරුණයින් පිරිසක් විසින් සවලකින් පහර දෙනු ලබන වීඩියෝවක් ඉකුත් දා සමාජ මාධ්‍ය පුරා සංසරණය වූ අතර මෙම සිදුවීමට අදාළව ප්‍රසිද්ධ නිරූපණ හා රංගන ශිල්පිනි පියුමි හංසමාලිගේ පුතු ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්විය. පියුමිගේ පුතු සිටින වීඩියෝවක් නිසා මෙම සිද්ධියට විශේෂ අවධානයක් යොමු විය.
නමුත් නැවත කතාබහක් මතුවූයේ එහිදී 'පියුමිගේ කොලුවා අහිංසකයි පහර වළකන්නේ ඔහුයි' කියමිනි. නමුත් දැන් දෙවන වීඩියෝවක් නිකුත්ව ඇත්තේ හෙල්මට් පහරක් ගැනයි. එය වෙනස් කතාවකි.මෙම සිදුවීම මීට මාස දෙකකට පමණ ඉහතදී සිදුවූවකි.මෙසේ පහර දීමට හේතු වී ඇත්තේ පහර කෑ තරුණයාගේ මිතුරන් පිරිසක් මීට ඉහතදී පහර දුන් තරුණයාගේ යතුරු පැදියකට කකුලකින් පහර දීමේ සිදුවීමකි. රාජගිරියේ, අඹගහ හන්දියේ ගැරජ් එකක් ගාවදී මෙම පහරදීම සිදුකර තිබුණි. මෙම සිදුවීමෙන් අනතුරුව, පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ටික්ටොක් හි පළවිය. කෙසේ වෙතත් සවලකින් පහර දෙන්නට පෙර පියුමි හංසමාලිගේ පුතු හෙල්මට් එකකින් පහරදෙන වීඩියෝවක්ද තිබෙන නමුත් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූයේ සවල් ප්‍රහාර වීඩියෝවයි. සවලින් ගසන්නේ පියුමි හංසමාලිගේ පුතු නොව වෙන කෙනෙකි. පියුමිගේ පුතු එම අවස්ථාවේ පහරදීම බේරන්නට උත්සාහ කරන බවත් පෙන්වයි.
නමුත් හෙල්මට් පහරදීම සිදුකර ඇත්තේ පියුමිගේ පුතුය. “උඹ දේවාල පාරේ නේද, උඹට හොඳ වැඩක් කරන්නම්' කියා පහරදීම සිදුකර ඇතැයි පහරකෑ තරුණයාගේ මව ආර්.වී.එම්. රාජමන්ත්‍රී මහත්මිය කියයි. පහර දෙන අවස්ථාව රූගත කර ඇත්තේ ද පහර දුන් තරුණයාගේ පාර්ශවයෙන් බව ද ඇය පැවසුවා ය.
‘බලන්න බෑ මගේ දරුවාට ගහන ගැහිල්ල. කොල්ලෝ කොලු කාලේ ගහගන්නවා, රණ්ඩු වෙනවා. මම එහෙම හිතුවේ. මේච්චර දෙයක් කියලා දන්නේ නැහැ. එහෙම දන්නවා නම් පපුව පැලිලා මැරෙනවා මුලින් ම දැනගත්ත වෙලාවේ.” වාර්තාවන ආකාරයට සිදුවීමේ බරපතල නොවන වීඩියෝව පමණක් සමාජ මාධ්‍යය පිටකර ඇති නමුත් බරපතල වීඩියෝව සඟවා තිබී ඇත.
“ඒ ගහන එක වීඩියෝ කරලා. ඒක හංගගෙන ඉඳලා, ඒක දාලා. ඇයි මෙහෙම කරන්නේ මේ දරුවෝ. මගේ දරුවාට පාරේ බැහැලා යන්න විදිහක් නැති කළා. මට රස්සාව කර ගන්න නැති කළා. ඇත්තට ම මට හරි ම දුකයි, මම කාටවත් කිව්වේ නැති වුණාට,”
පහරකෑ තරුණයාගේ මව පවසා තිබේ.
සවල් පහරදීම සිදුකරන වීඩියෝවේ පියුමි හංසමාලිගේ පුතු අහිංසක බව දක්වමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ නැවත කතාබහක් ඇතිවූයේ නිකරුණේ පියුමි පුතුට දොස් පවරන බව දක්වමිනි. නමුත් දැන් සඟවා තිබූ වෙනත් වීඩියෝවක් පිටව ඇති අතර එයට අනුව පියුමිගේ පුතු හෙල්මට්ටුවකින් පහරදෙන අයුරු පෙන්වයි.