grandma-daisys-mental-reports-are-late-delaying-the-case-for-two-and-a-half-months

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව අප්‍රේල් මස 24 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළේය.




මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී ඔහු සඳහන් කළේ විත්තිකාර ඩේසි ෆොරස්ට් මහත්මිය නඩු විභාගයකට පෙනී සිටීමට තරම් සුදුසු මානසික තත්ත්වයක පසුවන්නේද යන්න සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හරහා කැඳවා ඇති විශේෂඥ වෛද්‍ය වාර්තාව තවමත් අධිකරණයට ලැබී නොමැති බවයි.

ඒ අනුව, අදාළ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ලැබෙන තෙක් නඩු විභාගය කල් තබන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.




ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, එම නඩුව යළි අප්‍රේල් 24 වැනිදා කැඳවීමට නියම කළේය.