the-transferred-nalanda-teachers-are-still-at-home---a-complaint-from-the-students-father

කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායකයා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බවට චෝදනා එල්ල වීමෙන් පසු ඇතිවූ අලුත්ම තත්වය ගැන දැන් වාර්තා ලැබී තිබේ. මින් පෙර වාර්තා කර තිබුනේ අදාළ ගුරුවරියන් ඉවත් කර ඇත්තේ මීට කලකට පෙර වන බව වන නමුත් නවතම සත්‍යාපනය කළ වාර්තා අනුව

සිද්ධියට සම්බන්ධ කාන්තාවන් 4 දෙනාගෙන් නාලන්දයේ ස්ථිරව සේවය කළ ගුරුවරියන් දෙන්නාවම ඉවත් කර ඇත්තේ කාන්දුවීමේ සිද්ධියෙන් පසුව බවයි.
මේ අතර සිදුවීමට අදාළ සිසුවාගේ පියා පොලිස් පැමිණිල්ලක් සිදුකර ඇති බවද නාලන්දයේ ගුරුවරියන්ගේ මානසික සෞඛ්‍ය නැංවීමේ වැඩසටහනක් විදුහල්පතිවරයා ආරම්භ කර ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

නාලන්දා ගුරුවරියන් දෙන්නා කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මාරු කර ඇති මුත් ලජ්ජාව හෝ වෙනත් කාරණා නිසා ඔවුන් තවම එම ස්ථාන මාරුවට වාර්තා කර නැති බව වාර්තාවේ.
සිද්ධියට අදාළ අනෙක් ගුරුවරිය වීඩියෝගතවීම කාලයේ පාසලේ තාවකාලිකව පුහුණුවකට සේවය කළ අයෙකුවූ නිසා ඇයට එරෙහි විශේෂ පියවරක්ගෙන නැති අතර අනෙක් කාන්තාව පාසලේ සිසුවෙකුගේ මවක් බවද වාර්තා විය. ඇය ගැන තොරතුරු නැත.

 ගුරුවරියන් දෙදෙනා එම පාසලෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතාද තහවුරු කරමින් ඊයේ ප්‍රකාශ නිකුත් කළේය. පාසලෙන් ඉවත් කළ අදාළ ගුරුවරියන් දෙදෙනා මේ වන විට පළාත් අධ්‍යාපන කාර්යාලය වෙත අනුයුක්ත කර ඇති බව ලේකම්වරයා සඳහන් කළ නමුත්, 

ඔවුන් මෙතෙක් සේවා කටයුතු සඳහා පළාත් කාර්යාලයට වාර්තා කර නොමැති බවට තොරතුරු ලැබී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.  සිද්ධිය සම්බන්ධයෙන් නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් තමා වෙත වාර්තාවක් ලබා දී ඇති බවත්,
 එම වාර්තාව පදනම් කරගනිමින් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවත් ලේකම්වරයා පැවසූ අතර, පාසල මගින් ද සිද්ධිය පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.




ප්‍රධාන ශිෂ්‍යනායකයා සහ ගුරුවරියන් දෙදෙනා අතර සිදුවූ බව කියන වීඩියෝ දුරකථන සංවාද ඇතුළත් දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර, මෙම සිදුවීමෙන් අනතුරුව අදාළ සිසුවා පාසලෙන් ඉවත් කිරීමටත් විද්‍යාලයීය ශිෂ්‍යනායක මණ්ඩලය විසුරුවා හැරීමටත් බලධාරීන් පියවර ගෙන තිබේ.

මේ අතර, සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන අදාළ රූප රාමු හේතුවෙන් තම පුත්‍රයා දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් ඔහුට විශාල අපහාසයක් සිදුව ඇති බවත් පවසමින් සිසුවාගේ පියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.




එම රූප රාමු සමාජ මාධ්‍ය වෙත මුදාහළ පුද්ගලයින් පිළිබඳව සොයා බලා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශිෂ්‍යනායකයාගේ පියා සිය පැමිණිල්ල මගින් ඉල්ලා ඇති අතර, ලැබී ඇති පැමිණිල්ලට අනුව රහස් පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අදාළ සිසුවා සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම පැමිණිලි කළ ද විදුහල්පතිවරයා ඊට නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවට චෝදනා එල්ල වී ඇති පසුබිමක, විදුහල්පතිවරයා විසින් පාසලේ ගුරුවරුන් සඳහා අනිවාර්ය මනෝවෛද්‍ය උපදේශන සැසියක් සංවිධානය කර තිබීම පාසල් ප්‍රජාව තුළ විමතියට හේතු වී තිබේ.



ළමා හා යෞවන මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනුරාධා හේරත් මහත්මිය ඇතුළු කණ්ඩායමේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම දේශනයට සහභාගී වීම ගුරුවරුන්ට අනිවාර්ය කර ඇති අතර, ගැටලුවට නිසි විසඳුම් ලබා නොදුන් විදුහල්පතිවරයා ගුරුවරුන්ට උපදේශනය ලබා දීමට සූදානම් වීම විහිළුවක් බව පවසමින් ගුරුවරියන් සිය විරෝධය පළ කර ඇති බවත්, මීට පෙර එක් ගුරුවරියක් විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය ගැන බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ද කර ඇති බවත් වාර්තා වේ.