කළුතර මහ නගර සභාවේ සමගි ජන බලවේග අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරු සහ ඊට අනුබල දුන් බව කියන කාන්තාවක ඇතුළු සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාරිය බළකා සංවිධානාත්මක අපරාධ මරිර්දන ඒකකය කියයි.වෙඩික්කරු අත්අඩංගුවට ගන ඇත්තේ බලන්ගොඩ ප්‍රදේශයේ සැගව සිටියදී බව පොලිසිය කියයි.
කළුතර, නාගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකාර වෙඩික්කරු 2025 වර්ෂයේ දෙසැම්බර් මස 31වැනිදා කළුතර නාගොඩ රෝහලේදී බන්ධනාගාර රැඳවියකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ 2026 වර්ෂයේ ජනවාරි මස 9 වැනිදා පොලිස් වසමේ හෝටලයක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා බව පොලිසිය කියයි.
කළුතර 89/2 නාගොඩ, හතරමංහන්දිය, ලිපිනයේ පදිංචි තෙන්නකෝන් ආරච්චිගේ බන්දුල ප්‍රසන්න මහතාට ඉකුත් 7 වැනිදා රාත්‍රී සහ ඉකුත් වසරේ මැයි මස 4වැනිදා නාඳුනන පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරා තිබූ අතර, එදින ඔහු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 23-24 වියේ පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සැකකාරිය බොලොස්සගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක තැනැත්තියකි.වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් සහ සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා කළුතර දිසා අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇත.