පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමට අදාළ නඩු තීන්දුව ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විත්තිකරුවන්ගේ ඥාතීන් පිරිසක් ඊයේ (23) කොළඹ ජනාධිපති ලේකම් කාරියාලයට පැමිණියහ. එහිදී එම විත්තිකරුවන්ගේ ඥාතීන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක්ද බාර දුන්හ.
සංදේශය බාරදීමෙන් අනතුරුව ඔවුහු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකු සමග සාකච්ඡාවක්ද පැවැත්වූහ.සාකච්ඡාවෙන් අනතුරුව එම ඥාතීන් පිරිස මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනයේ නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. විත්තිකරුවන්ගේ ඥාතීහු එහිදී අදහස් දක්වමින් තවදුරටත් මෙසේද පැවසූහ.
“අපි අද ආවේ ජනාධිපතිවරයා හමුවෙලා, අපිට වුණ අසාධාරණය කියලා ලියුමක් බාර දෙන්න. ඒ වගේම අපේ නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් හරි ඉදිරිපත් කරනවා. පංච පුද්ගල අධිකරණයකින් අපි ඇත්තටම සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාට අපි කිව්වෙත්, සාධාරණයක් කරන්න කියලා.අපි මේ වෙලාවේ ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. දරුවන් ඉන්න අම්මලා ගොඩාක් ඉන්නවා. අභියාචනයක් දාලා මේ 12 දෙනා එළියට ගන්න එක තමයි අපේ එකම බලාපොරොත්තුව." Email ThisBlogThis!Share to XShare to Facebook