දෙහිවල සහ කොහුවල ප්‍රදේශවල සිදුවූ මිනීමැරුම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් දකුණ දිසා භාර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස පසුගිය 09 වැනි දින දෙහිවල පොලිස් වසමෙහි හෝටලයක් තුළදී එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට මෙන්ම, පසුගිය වසරේ දෙසැම්බර් 12 වැනි දින කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දී ඇති බව අනාවරණය වී ඇත.
මොවුන් බොරලැස්ගමුව සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචි, අවුරුදු 18ක් වන දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 730ක් සොයාගෙන ඇති අතර, එය පොලිස් භාරයට ගෙන තිබේ.
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මෙම අපරාධ සඳහා ආධාර අනුබල දී ඇති බවට සිදුකළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසා භාර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.