woman-killed-two-injured-as-car-overturns-on-southern-expressway

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අඹුසැමියන් ඇතුළු තිදෙනකු ගමන් ගත් මෝටර් රථයක් පෙරේදා (24) සවස උඩුකුරුව පෙරළී යාමෙන් කාන්තාවක මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ වත්තල කැනල් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ඉන්ද්‍රා ගාන්ධි ජෝතිරාජා 51 හැවිරිදි කාන්තාවකි.ඇය රියදුරුගේ පුංචි අම්මා බව පොලිසිය කියයි.




සිදුවූ අනතුරින් රියදුරුගේ බිරිය. වන 30 හැවිරිදි කාන්තාව බරපතළ තුවාල ලබා ඇති අතර, 36 හැවිරිදි රියදුරු සුළු තුවාල ලබා රෝහල් ගතව ඇත.කොළඹ සිට මත්තල දෙසට මෝටර් රථය ධාවනය වීමේදී බද්දේගම සහ පින්නදූව අතර කිලෝමීටර් 89 දශම 61 ක හා 89 දශම 71 අතර ප්‍රදේශයේදී වම්පස ආරක්ෂිත කේබල් වැටේ ගැටී අනතුරුව දකුණු පස මැද ආරක්ෂිත වැටේ ගැටී මාර්ගය මැද උඩු අතට සිටින සේ පෙරළී යාමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිදු වූ අනතුරින් තුවාල ලැබූවන් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව 52 හැවිරිදි කාන්තාව මියගොස් ඇත. මෝටර් රථය පැදු වූ රියදුරුගේ බිරිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තුවාල ලද රියදුරු වාට්ටු අංක 58 ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.අනතුරට හේතුව රියදුරුට නින්දයාමෙන්ද, ටයරයක් පිපිරි යාමෙන් ද යන්න විමර්ශන කරන පොලිසිය කියයි.මෝටර් රථය ගැටීමෙන් ආරක්ෂිත වැටටද බරපතළ අලාභ සිදුව මෝටර් රථයටද බරපතළ අලාභ සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.



a-woman-was-killed-after-a-car-overturned-on-the-southern-expressway-two-people-were-injured

a-woman-was-killed-after-a-car-overturned-on-the-southern-expressway-two-people-were-injured

gossiplanka image 2