යතුරුපැදියකින් පැමිණි නාදුනන දෙදෙනකු ඊයේ (25) අලුයම කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ සංගීත විද්‍යාලයක ගොඩනැගිල්ල දෙසට හා එහි ගේට්ටුවට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාර 15 ක් පමණ මෙසේ එල්ල කර ඇතැයි පොලිසිය කළ මූලික විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී ඇත.එම විද්‍යාලය ඉදිරිපිට හිස් පතුරම් කොපු ඇති බවට කොල්ලුපිටිය පොලිසියට ලද දුරකතන පණිවිඩයක් අනුව ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.
අලුයම 2.35 ට පමණ යතුරුපැදියකින් දෙදෙනකු පැමිණ පිටුපස අසුනේ සිටි අය එකවරම ගිනි අවියකින් එම ගොඩනැගිල්ල දෙසට හා ගේට්ටුව දෙසට වෙඩි ප්‍රහාර එල්ල කරන අයුරු සීසීටීවී කැමරාවකද සටහන්ව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි ද ගිනි අවියෙන් නිකුත් වූ උණ්ඩ එම විද්‍යාලයේ ගොඩනැගිල්ලේ බිත්තිවලට හා ගේට්ටුවට වැදී ඇතැයි ද පොලිසිය පවසයි. වෙඩි තැබීම කුමන අරමුණකින් කරන ලද්දක් ද යන්න කරුණු අනාවරණය වී නැත.
වෙඩි තැබීම සඳහා යොදාගත් යතුරුපැදිය සහ පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අවට ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් විමර්ශන ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.