සිය ධූර කාලය අවසන් කරමින් ඇමෙරිකාව බලා පිටත්ව යාමට සූදානමින් සිටින මෙරට තානාපති ජූලි චන්ග් මහත්මිය අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර මෙම හමුවේදී කරුණු රැසක් පිළිබඳ අවධානය යොමුකර තිබුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජූලි චුන්ග් මහත්මිය ලබාදුන් සහාය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඇයට ස්තූතිය පළකර තිබේ.
සිය සේවා කාලයේදී තානාපතිවරිය සිදුකළ මෙහෙය කිසිදා අමතක කළ නොහැකි බවද විපක්ෂ නායකවරයා කියා තිබෙයි.මෙම පසුබිමේ පසුගිය මහමැතිවරණයෙන් ඡන්දය ඉල්ලා ජනතා මනාපය නොලැබ පරාජයට පත් දැනට විපක්ෂයේ මතය වෙනුවෙන් තනිව හඬනගන පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මංපිල ජුලී චන්ග් මහත්මිය යාම සම්බන්ධයෙන් සිය සතුට සමරමින් ප්‍රසිද්ධියේ කිරිබත් කා තිබේ.
ඔහු අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජුලී චන්ග් අවුරුදු 4 ක් ලංකාවට සාපයක් වූ බවත් ඇගේ පිටව යාම සැමරීමට රට පුරා රතිඤ්ඤා පත්තු කළ යුතු බවත් රබන් ගැසිය යුතු බවත් කියා තිබේ. පසුගිය අරගල සමයේ ඇමරිකානු තානාපතිනිය ලෙස ජුලී චන්ග් මහත්මිය විනිවිදභාවයෙන් කටයුතු කළ අතර ජනතාවගේ නැගී සිටීම පාලනය පිණිස මර්දනීය ක්‍රියාමාර්ගයකට යාමට ගෝඨාභය රජය මැළි වූයේ ඇමරිකානු තානාපතිනිය හරහා එල්ලවූ බලපෑම නිසා බව දේශපාලන විචාරකයින් පෙන්වාදී තිබුණි. එවක උදය ගම්මංපිල සහය දැක්වූ රජය ඇදවැටීමට ඇගේ මෙම නිර්භීත පෙනී සිටීම හේතු විය.