there-is-no-evidence-that-this-is-revenge-johnny-who-came-out-of-hiding-says

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (05) දින උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය. පොලිසිය විසින් ඔහුට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණේය.

ඔහුගේ පැමිණීම අනිවාර්ය බවත්, එය පැහැර හැරියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබා ගැනීමට පියවර ගන්නා බවත් පොලිසිය විසින් මීට පෙර දැනුම් දී තිබුණි.




හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (05) දින උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය. පොලිසිය විසින් ඔහුට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණේය.

ඔහුගේ පැමිණීම අනිවාර්ය බවත්, එය පැහැර හැරියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබා ගැනීමට පියවර ගන්නා බවත් පොලිසිය විසින් මීට පෙර දැනුම් දී තිබුණි.




මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, මෙය සිය පවුලට එරෙහි දේශපාලන පලිගැනීමක් බව අවධාරණය කළේය. "මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාට අලුත් තැනක් නොවන බවත්, තම මුළු පවුලම සිරගත කිරීමට දරන උත්සාහයක් බවත්" ඔහු පැවසීය. කිසිදු සාක්ෂියක් නොමැතිව, වසර දහයකට පමණ පෙර පැවති නඩුවකට තම දරුවන් දෙදෙනාද සම්බන්ධ කරගෙන, අලුත් අවුරුදු දිනයේ මෙය සැලසුම් කළ බවට ඔහු චෝදනා කළේය. රජය මේ සඳහා ලක්ෂ ගණන් මුදල් වියදම් කරමින් මඩ ගැසීමේ ක්‍රියාවක නිරත වන බවද ඔහු කීවේය. තමන් හෝ තම දරුවන් කිසිදු වරදක් සිදුකර නොමැති බවත්, තමන් මේ සඳහා බිය නොවන බවත්, යුක්තිය සහ සාධාරණත්වය ඉටු වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

'මේක අලුත් තැනක් නෙවෙයි. මේ සම්පූර්ණ දේශපාලන පළිගැනීමක්… මේ මුළු පවුලක්ම හිර කරන්න හදන්නේ… කිසිම සාක්කියක් නැතුව අවුරුදු 10ක විතර පැරණි නඩුවකට මගේ දරුවෝ දෙන්නව අරගෙන ඉවරවෙලා මාව අරගෙන අලුත් අවුරුද්ද දවසේ කරපු එක දවසේ සැලසුමක්… වෙන දෙයක් නෙවෙයි. මේවට ලක්ෂ ගණන් වියදම් කරනවා ආණ්ඩුව, මේ මඩ ගහන්න… කිසි වරදක් කරලා නෑ, මගේ දරුවෝ දෙන්න වරදක් කරලත් නෑ, මම වරදක් කරලත් නෑ… ඒ නිසා අපිම් මේකට මුහුණ දෙනවා…'

මෙම විමර්ශන ආරම්භ වී ඇත්තේ සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. ඊට අමතරව තවත් කරුණු කිහිපයක් පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මක වේ. මෙම සිද්ධියට අදාළව සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල මහතා ඊයේ (04) දින අත්අඩංගුවට ගෙන ඇත.



හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, ඔහුගේ පුත්‍ර ජොහාන් ප්‍රනාන්දුට සතොස ආයතනයට අයත් ලොරි රථයක් එතනෝල් සමාගමක රාජකාරි සඳහා යෙදවීමට කූඨ ලේඛන සකස් කර දුන් බවට ඉන්දික රත්නමලල මහතාට චෝදනා එල්ල වී තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රත්නමලල මහතා, එළඹෙන ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මේ අතර, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමන්ට පුරුදු ස්ථානයක් බවත්, තමන් කැඳවූ සැබෑ හේතුව මෙතෙක් දැනුම් දී නොමැති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කළේය.