මිල්ලණිය පොලිස් වසමේ රයිගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයකට අයත් සුපිරි වර්ගයේ "ප්‍රිමියර් වර්ගයේ'' මෝටර් රියක් සමඟ විහාරස්ථානයේ වැඩසිටි හිමිනමක් විහාරයේ තිබූ ලිපිලේඛන සමඟ අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පසුගියදා පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය. ඒ එම විහාරස්ථානයේ වැඩසිටි හිමිනමක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න ඇතුළු කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය සිදුකළහ.
අදාළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන කළද විහාරස්ථානයේ වැඩ සිටි හිමිනම් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වූයේ නැත. එහෙත් දිගින් දිගටම කරන ලද විමර්ශනයේදී විමර්ශන නිලධාරීන්ට කිසියම් තොරතුරක් ලැබිණි.''සර් ඔය අතුරුදන් වුණායි කියන කාර් එක මීට දවස් දෙකකට ඉස්සෙල්ලා මතුගම පොලිසියෙන් අල්ලලා තිබුණා ''
ස්ථානාධිපතිවරයා ලැබුණු තොරතුර සම්බන්ධයෙන් සොයා බැලීමක් කළේය. තොරතුර සත්‍ය බව ඔහුට වැටහුණේය. ඔහු මතුගම පොලිසියේ නිලධාරීන් සම්බන්ධ කරමින් අතුරුදන් වූ බව කියන රථය පරීක්ෂා කළ නිලධාරියෙකු ගෙන්වා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
“සර්. එදා අපි සැකයට ඔය කාර් එක නැවැත්තුවා. කාර් එකේ දෙන්නෙක් හිටියා. ඩුයිවරුයි ඒ මනුස් යයි හොඳටම බිලා, තව
කොල්ලෙකුත් හිටියා එක මිනිහෙක් කොණ්ඩය කොටට කපලා හාමුදුරුවො කෙනෙක් වගේ කාර් එකේ ඩිකියේ සිවුරකුත් තිබුණා. අපි සේරම ප්‍රස් කළා. උසාවි දැම්මා. පස්සේ ඇප අරගෙන ගිහින් තිබුෂ්ට " ස්ථානාධිපතිවරයා තවදුරටත් අදාළ නිලධාරියාගෙන් විස්තර අසා දැනගත් අතර ඊළඟට ඔහුට අවශ්‍ය වූයේ මෝටර් රථය මුදා හැර රැගෙන ගියේ කවුද යන්න දැන ගැනීමටය. පසුව ස්ථානාධිපතිවරයාට අනාවරණය වූයේ ත්‍රිරෝද රියැදුරකු බව කියන තැනැත්තකු අධිකරණය භාරයේ තිබූ මෙම කාර් රථය මුදාගෙන ගොස් ඇති බවය.
පසුව නිලධාරීන් අදාළ ත්‍රිරෝද රියැදුරු සොයා ගියේය. ඔහු කොටුකර ගැනීම එතරම් අපහසු වූයේ නැත. නිලධාර්න් ඔහුගෙන් ප්‍රශ්න කළේය.
“ සර් මම ඒ පන්සලේ හාමුදුරු කෙනෙක් හඳුනනවා. ඒ හාමුදුරුවෝ මට කතා කරලා සිද්ධිය කිව්වා. පස්සේ මම උසාවියට ගිහින් මගේ අයිඩෙන්ටියයි ඩ්‍රයිවින් ලයිසන් එකයි. දීලා වාහනේ භාරගත්තා. රුපියල් හැට දාහක දඩයකුත් ගෙව්වා. පස්සේ කාර් එක අරගෙන එද්දී අර සිවුරු අතහැරපු කෙනා මාව වාහනෙන් එළියට දාලා කෙල්ලත් එක්ක වාහනේ අරගෙන ගියා"
නිලධාරියා ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කළද මෝටර් රිය සහ එය රැගෙන ගිය සැකකාර හිමිනම් සොයාගත නොහැකි විය. පසුව නිලධාරීන්ගේ අවධානය යොමුවූයේ ත්‍රීවිලර් රියැදුරාට සිද්ධිය දැනුම් දුන් විහාරයේ හිමිනම් වෙතය.නිලධාරීන් එම හිමිනම පොලිස් ඒකකයට කැඳවිය. ඉන්පසු ප්‍රශ්න කිරීම ඇරැඹිණි.
"සර් මම නම් ලොකුවට විස්තර දන්නේ නැහැ. ඔය කෙල්ලගේ ඥාති කෙනෙක්ගේ මරණයක් වෙලා තිබුණා. කෙල්ල පදිංචි වෙලා ඉන්නේ හැඩිගල්ලේ මම හිතන්නේ එහෙ යන්න ඇති...
නිලධාර්න් බදුරලිය, හැඩිගල්ලට යන්නේ එලෙස ලද තොරතුරුවලට අනුවය. එහෙත් කිසිවකු එහි නොවීය. පසුව අදාළ තරුණියගේ මව්පියන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ තම දියණිය සැකකරු සමඟ නෙළුව, ඕපාත ප්‍රදේශයේ නිවෙසක සිටින බවය. නිලධාහු ඔවුන්ද සමඟ ඕපාතට ගියහ. තරුණිය මෙන්ම සැකකාර හිමි නම ද නිවෙසේ සිටියහ.
පසුව ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිවලදී හෙළි වුයේ රයිගම විහාරස්ථානයේ වැඩිහිටි අපවත් වූ මහාචාර්ය හිමිනමට තීරු බදු රහිතව ලැබුණු ප්‍රිමියර් රථය රුපියල් එක්කෝටි දස ලක්ෂයකට මහනුවර ප්‍රදේශයේ වෛද්‍යවරයකුට විකුණා ඇති බවය. එලෙස විකිණීමෙන් ලද මුදලෙන් සැකකරු නෙළුව, ඕපාත ප්‍රදේශයෙන් සුපිරි නිවෙස මිලදී ගෙන තිබූ බව විමර්ශන නිලධාහු කීහ. මෙම ගනුදෙනුව පිළියන්දල ප්‍රදේශයේදී සිදුව ඇති අතර ඊට සැකකාර හිමි නමගේ මස්සිනාද සම්බන්ධ වී ඇති අතර ඔහුගේ ගිණුමට මුදල් බැර වී තිබූ බව නිළධාරීන් පැවැසීය. නිලධාරීන් පවසන්නේ එම මුදලින් ලක්ෂ 57ක්වූ මස්සිනාගේ නමින් නෙළුව, ඕපාත නිවෙස මිලදී ගෙන ඇති බවය. විමර්ශන නිලධාර්ක් පවසන්නේ සැකකාර හිමිනම් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සිවුරු හැර දමා සිටි බවකි. සැකකරුගේ පෙම්වතියගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඇය සිය මවුපියන් වෙත භාරදී තිබිණි.
කෙසේ වෙතත් මෝටර් රිය මිලදී ගත් වෛද්‍යවරයා රථයට ලීසිං මුදලක් ලබා ගැනීම සඳහා ගත් උත්සාහයක්ද ව්‍යර්ථවී ඇති අතර පසුව නිලධාර්න් වෛද්‍යවරයාගේ දුරකථන අංකය ඔස්සේ කරන ලද විමර්ශනයෙන් පසු අදාළ මෝටර් රථය සිය භාරයට ගැනීමට නිලධාරීට හැකිව ඇත.සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හිමිනම්, සිවුරු හරින ලද රියැදුරු, සැකකරුගේ මස්සිනා සහ තවත් හිමිනමක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. (කීර්ති මෙන්ඩිස්)
