arguna-charged

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්, හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට සහ ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංග මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ජනවාරි 22 වැනි දින දැනුම් දුන්නේය.




ධම්මික රණතුංග මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි විය.

ජනාධිපති උපදෙස් නොතකා අත්තනෝමතික ලෙස ඉන්ධන මිලදී ගැනීම් සිදු කිරීමෙන් රජයට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කළේ යැයි සඳහන් කරමින් මෙම නඩු පැවරීම සිදු කර තිබේ.




මෙම පාඩුව සිදුවී ඇත්තේ 2017 සහ 2018 වසර අතර මාස හයක කාලයක් සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් තුනක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් විසි හතක් ක්‍රියාත්මක කිරීමෙනි.