the-audience-is-being-deceived-isuru-deshani-collection-tolerance-is-not-a-weakness

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් මතු කර තිබූ ඉසුරු - දේශානි පෙම් කතාව නැවත අලුත්වී තිබේ. මහනුවර 'ඩෝප් හවුස්' නමින් බාර් එකක් විවෘත කර තිබෙන අතර එම සමාරම්භක උත්සවයට ආරාධනා කර තිබූ ශිල්පීන් අතර මෙම දෙන්නාද විය.

ඔවුන් එහිදී අසුන් ගත්තේ සෙල්ෆි ගැසුවේ සිනාසුනේ එකටය.




ජනප්‍රිය රංගන ශිල්පිනී දේශානි නෙහාරා (24) සහ ජනප්‍රිය නළු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි (42) අතර පෙම් සබඳතාව මුලසිටම තවත් රංගනයක කොටසක් ලෙස ඉස්මතුවූ අතර මෑත කාලීනව සමාජ මාධ්‍ය තුළ හාස්‍යය හා කණගාටුව එකවර ජනිත කරමින් දේශානි 'නහය තුවාල' කරගත් ඡායාරූපයක් සමග සබඳතාව බිඳ වැටුණ බව පවසා තිබුණි.

මේ දෙන්නා අතර ඇති වූ බව කියන ගැටුම හුදෙක් පෙම්වතුන් යුවළක් අතර ඇති වූ සාමාන්‍ය මත ගැටුමකට එහා ගිය බරපතල සිදුවීමක් බවත් පහරදීම් සහ ශාරීරික හිංසනයන් පිළිබඳ තොරතුරුත් කරළියට පැමිණීමත් සමඟ සමාජ මාධ්‍ය යළි ඒ ගැන කථා විය. පසුගිය දින කිහිපය පුරාවටම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවන්හි ප්‍රධාන මාතෘකාව බවට පත් වූ මෙම සිදුවීම කාලයක් තිස්සේ පැවති ප්‍රේම සම්බන්ධතාවය නිල වශයෙන් අවසන් වී ඇති බව දේශානි විසින්ම සනාථ කර තිබීම විශේෂත්වයක් . ඇය මෙම සම්බන්ධතාවය පවත්වාගෙන යන අතරතුර බොහෝ දෙනා ඇයට විවිධ දෝෂාරෝපණයන් එල්ල කළ බවත් ඇයව විවේචනය කළ බවත් සඳහන් කර තිබූ දේශානි ඒ හේතුවෙන් ඇයගේ දෙමාපියන්ට පවා දොස් අසන්නට සිදු වූ බවත් 

කෙසේ වෙතත් තමාට හොඳ සහ නරක දෙකම පෙන්වා දෙමින් අවවාද දුන් සියලු දෙනාටම තමා ස්තූතිවන්ත වන බවත් පවසා සිටින්නේ ආදරය නිසා තමා අන්ධ වී සිටි බව පිළිගනිමිනි. ඇය සිය සටහන මගින් තවදුරටත් ප්‍රශ්න කර සිටින්නේ කොතරම් වටිනාකමක් ආදරයක් සහ ගෞරවයක් ලබා දුන්නද මනුස්සකමක් ගෑවිලාවත් නැති මිනිසුන් ලෙස ඇතැමුන් හැසිරෙන්නේ මන්ද යන්න ගැටලුවක් බවයි. අවංක ආදරයක් ලැබෙද්දීත් අඩුම තරමින් එම මනුෂ්‍යත්වය වෙනුවෙන්වත් වටිනාකමක් ලබා නොදෙන පුද්ගලයින් තිරිසනුන් මෙන් හැසිරෙන බවත් තමන්ගේ ගැහැනිය තමා ලඟ සිටියදීත් වෙනත් අරමුණු වෙනුවෙන් වෙනත් ගැහැනුන් සොයා යන පිරිමින් සතුව ඇත්තේ ඉතා අඩු මානසිකත්වයක් බව ඇය දැඩිව විවේචනය කර තිබුණි. එක් හිතක් මත ජීවත් වීමට නොහැකි වගකීම් සහ බැඳීම් වලට ගරු කිරීමට නොහැකි තරම් පහත් දුර්වල පෞරුෂයක් එවැනි පුද්ගලයින් සතු බව පවසන ඇය කැලේ මාරු වුවද කොටියාගේ පුල්ලි මාරු නොවන බව පවසමින් ඉසුරුගේ හැසිරීම උපමා කර තිබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණි.




මෙම සිදුවීමත් සමඟ කලා ලෝකයේ සහ සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා දේශානි වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගත් අතර ඉසුරුට එරෙහිව දැඩි විරෝධයක් මතුකර බොහෝ දෙනා අදහස් දක්වා තිබුණි. ඉසුරු යනු කාන්තාවන් රවටන සල්ලාලයෙක් බවත් ඔහුගේ මෙම හැසිරීම පිළිබඳව පුදුම විය යුතු නැති බවත් පවසා තිබුණි.

" ස්තුතියි මට කතා කරපු හැම දෙනාටම.... මගේ දුක සැප හොයලා බැලුවට..... හිතා ගන්න බැරි තරම් මට comment කරලා තිබුනා message කරලා තිබුනා.... ආදරෙයි ඒ හැමෝටම ❤️🥹🙏🏻"



යනුවෙන් ඒ ගැන දේශානි සටහනක්ද තැබූ අතර ඉන්පසු පසුගියදා පැවති හිරු නත්තල් සාදයේදී ඇගේ නහය තුවාල කරගැනීම ගැන නිවේදිකා නර්මදා සියල්ලන් ඉදිරියේ උසුළු විසුළු කිරීම බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයටද ලක්විය. එම සාදයේදී ඉසුරු ඇයව බලහත්කාරයෙන් මෙන් ඇදගෙන ගොස් ඇයව වේදිකාවේ නටන්නට යොමු කළ අතර දේශානි රංගනයෙන් දායකවූ වස්ති කන්ඩායමේ මියුසික් වීඩියෝවක නර්තනය ඇය එහිදී ඉදිරිපත් කර තිබුණි.

 ඉසුරු හිංසකයෙකු හා දේශානි අහිංසකයෙකු ලෙස නැවත සමාජ මාධ්‍ය තුළ කථාබහක් නිර්මාණය වී තිබුණ පසුබිමක මහනුවර උත්සවයේදී මේ දෙන්නා සියල්ල අමතක කර එකට සිටීම ප්‍රේක්ෂකයින් රැවටීමට ලක්කිරීමක් ලෙස නැවත කථාබහක් මතුකර ඇත.

 මේ අතර ඊයේ (10) දේශානි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් “Tolerance doesn’t mean weakness.” (ඉවසීම යනු දුර්වලකමක් නොවේ.) යනුවෙන් සඳහන් කර මහනුවර උත්සවයට පෙනී සිටි ඇඳුමින් ඇයගේ පමණක් ඡායාරූප කිහිපයක් පළ කර තිබෙන අතර ඊට වැටුණ කොමෙන්ටු වලින් ඇය රැවටීමක් කර ඇති බවට පාඨකයින් විවේචන පළ කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අදහස් සහ ප්‍රතිචාර විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, ඉවසීම සහ ආත්ම අභිමානය පිළිබඳව දේශානි දැක්වූ අදහස සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක කතාබහක් නිර්මාණය වී ඇති ආකාරයයි. අදාළ පාර්ශවය විසින් "ඉවසීම" යනු ශක්තියක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කළද, බහුතරයක් පෙන්වා දෙන්නේ අගෞරවය, බොරුව සහ චිත්තවේගීය පීඩනය දරා සිටීම ඉවසීම නොව ආත්ම ගරුත්වය නොමැතිකමක් බවයි. යමෙකු තමන්ට සිදුකරන අනිසි බලපෑම් ඉදිරියේ නිහඬව සිටීම මගින් අදාළ පුද්ගලයාට තවදුරටත් වැරදි කිරීමට ඉඩ ලැබෙන බවත්,

සැබෑ ආදරය තුළ ගෞරවය සහ රැකවරණය තිබිය යුතු බවත් බොහෝ දෙනා අවධාරණය කරති. මෙය ඉවසීමක් නොව හුදෙක් මෝඩකමක් හෝ මානසික වහල්භාවයක් ලෙස ඇතැමුන් හඳුන්වා දී ඇත.

විශේෂයෙන්ම මීට පෙර අදාළ සම්බන්ධතාවය තුළ සිදුවූවා යැයි කියන ශාරීරික පහරදීම් සහ "නාසයට සිදුවූ හානි" වැනි බරපතල තත්ත්වයන් පවා අමතක කර නැවත එම සම්බන්ධතාවයට යොමු වීම රසිකයින්ගේ දැඩි දෝෂදෝෂණයට ලක්ව තිබේ. මෙය විෂසහගත පුද්ගලයෙකු විසින් සිදුකරන "love bombing" හෙවත් ව්‍යාජ ආදර ප්‍රකාශ කිරීමේ උපාය මාර්ගයක් විය හැකි බවට අනතුරු අඟවන පිරිස්, මෙවැනි තීරණ හරහා අනාගතයේදී විශාල පසුතැවීමකට මුහුණ දීමට සිදුවනු ඇති බව පවසති. මෙම තීරණය හේතුවෙන් අදාළ තැනැත්තියට ඇයගේ රැකියාව පවා අහිමි වී ඇති බවත්, පුද්ගලිකත්වයට හානි වී ඇති බවත් සඳහන් කරමින් හිතවතුන් සිය කනගාටුව පළ කර ඇත.

අදාළ පාර්ශවය වෙනුවෙන් මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි රසිකයින් පවසන්නේ, ඇයගේ පෙර හැසිරීම් සහ ප්‍රකාශ විශ්වාස කරමින් ඇය වෙනුවෙන් කතා කළ තමන්, මෙම හදිසි වෙනස්වීම හමුවේ අපහසුතාවයට පත් වූ බවයි. පෞද්ගලික ගැටලු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් රටටම පුවත් මවා, නැවත කිසිත් නොවුණාක් මෙන් හැසිරීම ඔවුන් හඳුන්වන්නේ සමාජය ඉදිරියේ රඟපෑමක් ලෙසයි. දෙමාපියන්ගේ විරෝධතාවයන් පවා නොසලකා හරිමින් ගනු ලබන මෙවැනි තීරණ අවසානයේ දරුවන් සමඟ තනිවී දුක් විඳීමට හේතු විය හැකි බවටද ඇතැම්හු අනාවැකි පළ කරති.

ඇය හැඳ සිටින ඇඳුම සහ රූපශ්‍රියාව පිළිබඳව ප්‍රශංසාත්මක අදහස් පළවී තිබුණද, එම සුන්දරත්වය නොගැලපෙන පුද්ගලයෙකු වෙනුවෙන් වැය කිරීම අපරාධයක් ලෙස බොහෝ දෙනා දකියි. තවද, ඇතැම් ප්‍රතිචාර දැක්වූවන් සැක පළ කරන්නේ මෙය හුදෙක් කැමැත්තෙන් සිදුවූ එකතුවීමකට වඩා, ඡායාරූප හෝ වීඩියෝ වැනි දෑ භාවිතා කරමින් සිදුකරන යම් ආකාරයක බිය වැද්දීමක් හෝ පාලනය කිරීමක් (blackmail) නිසා සිදුවන්නක් විය හැකි බවයි. කෙසේ වෙතත්, නළු නිළියන්ගේ පෞද්ගලික ජීවිතයේ මෙවැනි සිදුවීම් හරහා ඔවුන්ගේ ප්‍රතිරූපයට සිදුවන හානිය සහ ඔවුන්ගේ රසිකයින් තුළ ඇතිවන කලකිරීම මෙම සියලු අදහස් දැක්වීම් තුළින් පැහැදිලිව ගම්‍ය වේ.




gossiplanka collage