අධික රුධිර වහනයක් සිදුවන බව පවසමින් මාරවිල මූලික රෝහලට ඇතුළත් වූ කාන්තාවකගේ ගර්භාෂය තුළ තිබී වීදුරු බෝතල් දෙකක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට එම රෝහලේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ. නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගතවී ඇත්තේ පසුගිය 09 වනදා ය.
පසුගිය ජනවාරි පළමු වනදා තමන් සේවය කරන ආයතනයේ හිමිකාරියගේ නිවසේ පැවති සාදයක් අතරතුර මෙම සිදුවීමට මුහුණ දුන් බව අදාළ කාන්තාව වෛද්‍යවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේ තමන් අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත්, එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන්ව දූෂණය කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රෝගියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව සිදුකරන ලද ස්කෑන් පරීක්ෂාවකදී ඇයගේ කුස තුළ බෝතල් දෙකක් ඇති බවට වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කර තිබිණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මාරවිල රෝහලේ වෛද්‍ය කණ්ඩායම ශල්‍යකර්මයක් සිදු කර එම බෝතල් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාරවිල පොලිසිය විසින් කාන්තාව දූෂණය කළ බව කියන නාත්තන්ඩිය, පිලාකටුමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු සහ ඊට අනුබල දුන් බව කියන කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වින්දිත කාන්තාව සේවය කළ ආයතනයේ හිමිකාරිය සහ එහි සේවකයින් දෙදෙනෙකි.
අපරාධය සිදුවූ දිනයේ පැවති සාදයේදී රෝහල් ගත කර සිටින කාන්තාව සහ සැකකරුන් අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.