ridgeway-nurses-death-suspicious-sons-complaint-probed

මහනුවර, මැද මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි නිශාන්ති කුමාරි අබේසිංහ නම් හෙදියක්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරමින් සිටියදී, අභිරහස් ලෙස පිලිස්සුම් තුවාල ලබා පෙරේදා (24) සවස රාගම ශික්ෂණ රෝහලේදී මියගොස් තිබේ. ඇය මිය යන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව කඩවත පොලිසිය සඳහන් කරයි.




මෙම මරණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ, මියගිය හෙදියගේ පුත්‍රයා තම මවගේ මරණය සැක සහිත බව පවසමින් කඩවත පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවය. තම මව නිරෝගී තැනැත්තියක් වූ බවත්, ඇයට දන්නා තරමින් කිසිදු රෝගාබාධයක් නොතිබූ බවත් ඔහු පොලිසියට දන්වා ඇත.

තම නැගණිය ලබාදුන් තොරතුරක් මත උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට ගිය අවස්ථාවේදී, මවට කතාබහ කිරීමට නොහැකිව පිලිස්සුම් තුවාල සහිතව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව පුත්‍රයා පොලිසියට පවසා තිබේ. තවද, තම මව රැකියාව සඳහා බොරැල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.