ranwalas-wife-vaidya-indrani-remanded-after-it-was-revealed-that-guitarist-dhanushka-was-driving-under-the-influence

හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතාගේ බිරිය ගමන් ගත් මෝටර් රථයේ ගැටී අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙකු මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර වැඩබලන මහේස්ත්‍රාත් සමන් විතානාරච්චි මහතා නියෝග කළේය.

මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය 17 වනදා උදෑසන කාලයේදී බියගම ප්‍රදේශයේ පිහිටි ඒ මහත්මියගේ නිවස අසලදීය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන ඉන්ද්‍රාණි රන්වල මහත්මිය රාජකාරි කටයුතු සඳහා වාර්තා කිරීමට නිවසේ සිට කැලණිය - බියගම ප්‍රධාන මාර්ගයට සිය මෝටර් රථය ඇතුළු කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී කැලණිය දෙස සිට වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඇයගේ රථයේ ගැටී ඇත.

අනතුර සිදු කළ මෝටර් රථය පදවා ඇත්තේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙකු වන කළුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක ප්‍රදීප් ජෝසප් (37) නැමැත්තා බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වී ආපසු එමින්, සිය මිතුරෙකු ඇරලවීම සඳහා යමින් සිටියදී ඔහු මෙම අනතුර සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී සැකකාර රියදුරු බීමතින් සිට ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පොලීසිය විසින් සිදුකළ ශ්වසන පරීක්ෂාවෙන් (Balloon test) සහ බියගම රෝහලේ වෛද්‍යවරයකු ලවා සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි බව තහවුරු වී තිබේ. අනතුරින් තුවාල ලැබූ විශේෂඥ වෛද්‍යවරිය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

බස්නාහිර උතුරු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංග ජයතිස්ස සහ කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක යන මහත්වරුන්ගේ උපදෙස් මත බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කර සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මීට පෙර අවස්ථාවකදී අසෝක රන්වල මහතා පැදවූ මෝටර් රථයද වෙනත් රථයක ගැටීමෙන් කුඩා දරුවෙකු ඇතුළු පිරිසක් තුවාල ලැබූ බවද වාර්තා වේ.