ping-pong-instead-of-gamini-lokuge-in-pohottutu

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව කැස්බෑව ආසන සංවිධායකවරයා ලෙස මෙරට ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන රජිත හිරාන් හෙවත් පිංපොං මහතා පත් කර තිබේ. ඒ අනුව නව සංවිධායකවරයා ලෙස පත්වීම් ලැබූ හෙතෙම පිලියන්දල ප්‍රදේශයේ පිහිටි පක්ෂ කාර්යාලයේදී සිය ආසනයේ දේශපාලන කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට පසුගියදා පියවර ගත්තේය.

මෙම ආසනය මින් පෙර භාරව තිබුනේ නැසීගිය දේශපාලනඥ ගාමිණී ලොකුගේ මහතාටය.




රජිත හිරාන් සිය ධුරයේ රාජකාරි ඇරඹූ එම අවස්ථාව සඳහා කලා ලෝකයේ ප්‍රකට චරිත කිහිපයක් ද එක්ව සිටි අතර, ගායන ශිල්පී නාමල් උඩුගම මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී රුවන්ති මංගලා මහත්මිය, ජයන්ත කැටගොඩ, සාගර කාරියවසම් සහ රංගන ශිල්පී අර්ජුන් කමලනාත් මහතා ද ඊට ඇතුළත් විය. ඔහුගේ ධූරය පිරිනැමීම සිදු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක අතිනි.

කෙසේ වෙතත් මෙහිදී කැපී පෙනෙන කරුණක් වන්නේ, නව සංවිධායක ධුරය භාරගත් රජිත හිරාන් සහ මෙම අවස්ථාවට එක්වූ අර්ජුන් කමලනාත් යන රංගන ශිල්පීන් දෙපළම පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය පළ කර සිටි අය වීමයි.




මීට පෙර මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මෙම රංගන ශිල්පීන් දෙදෙනාම ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අක්‍රමවත් ලෙස මාසික වැටුප් සහ දීමනා ලබා ගත් බවට චෝදනාවක් ද සමාජය හමුවේ එල්ල වී තිබුණි. දීර්ඝ කාලයක් මුළුල්ලේ දැඩි රාජපක්ෂ හිතවාදීන් ලෙස කටයුතු කළ මොවුන්, ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමේ දේශපාලන ව්‍යාපාරයේ ද ඉතා ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස කටයුතු කර තිබේ.

එසේ වුවද පසුකාලීනව ගෝඨාභය රාජපක්ෂ පාලනය දැඩි ලෙස විවේචනය කිරීමට පෙළඹුණු ඔවුන්, රාජපක්ෂවරුන් මෙතරම් අසාර්ථක පාලකයන් වනු ඇතැයි තමන් කිසිදු විටෙක විශ්වාස නොකළ බව ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.

ping-pong-instead-of-gamini-lokuge-in-pohottutu

ping-pong-instead-of-gamini-lokuge-in-pohottutu

ping-pong-instead-of-gamini-lokuge-in-pohottutu

ping-pong-instead-of-gamini-lokuge-in-pohottutu

ping-pong-instead-of-gamini-lokuge-in-pohottutu