narcotics-are-smuggled-by-phone-from-the-country

විදේශගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන තොටවිලගේ ධනුෂ්ක කෞෂල්‍යය නොහොත් “සයිමා” යන අයගේ මෙරට මත්දුව්‍ය ජාවාරම සිදුකරන ප්‍රධාන ගෝලයන් දෙදෙනකු ඉකුත් 27 වැනි දින රුපියල් ලක්ෂ අටකට අධික වටිනා හෙරොයින් මිලි ග්‍රෑම් 22000ක් සමඟ රත්මලාන බොරුපන සෙන්ට්රි පාර ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.




ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව බොරූපන සෙන්ටිරී පාර පදිංචිව සිටි පළමු සැකකරුට වයස අවුරුදු 56ක් වන අතර, ඔහු හෙරොයින් මිලි ග්‍රෑම් 12000 ක් සමගද, බොරුපන සෙන්ටිරි පාර පදිංචිව සිටින දෙවන සැකකරුට වයස අවුරුදු 22 ක් වන අතර, ඔහු හෙරොයින් මිලි ග්‍රෑම් 10000 ක් සමග ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණි.

මෙම ජාවාරම්කරුවන් විදේශගත ප්‍රධාන ජාවාරම්කරුගෙන් ලැබෙන දුරකථන ඇමතුම් අනුව ලැබෙන හෙරොයින් නිවාසවල සිට පැකකර දීර්ඝ කාලයක සිට රත්මලාන, මොරටුව, ලුනාව, අගුලාන, ගල්කිස්ස, කොහුවල, දෙහිවල යන ප්‍රදේශවලට බෙදාහැර ඇති බවට අනාවරණය වී ඇතැයිද පොලිසිය පැවසීය.