කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි. වෙරළබඩ පොලිස් වසමට අයත් එම ප්‍රදේශයේ සිදුවූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ තවත් ළමුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙකි. ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
