කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ ලෝ ලෙවල් (Low Level) මාර්ගයේ පිහිටි ‘Osprey Clothing’ නමැති කර්මාන්ත ශාලාවේ අද (08) දින හදිසි ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වූ ගිනි නිවන හමුදාව, මේ වන විට ගිනි නිවන රථ පහකට අධික සංඛ්‍යාවක් එම ස්ථානය වෙත පිටත් කර යවා ඇති බව සඳහන් කරයි.
කර්මාන්ත ශාලාවේ හටගත් මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් නවගමුව ලෝ ලෙවල් මාර්ගය ආශ්‍රිතව මේ වන විට දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව වාර්තා වේ.