namal-recognized-as-leader-of-opposition-in-sri-lanka-by-odishas-kiit-institute-of-technology

ඉන්දියාවේ ජනරජ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආරාධිත අමුත්තන් කරගෙන පැවැත්වූ උත්සවය සම්බන්ධ විවිධ තොරතුරු අන්තර්ජාලයේ හුවමාරුවන අතර ඒවා බොහොමයක් අතිශොක්තියෙන් ඉදිරිපත් කර ඇති අයුරු පෙනී යයි.


මෙම උත්සවය සහ ජනරජ දින ප්‍රධාන උත්සවය දෙකක් වන අතර ප්‍රධාන උත්සවය නවදිල්ලියේ පැවැත්වෙන්නේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික ආරාධිතයින් සමගිනි.
මෙම උත්සවය පවත්වන්නේ ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ වන අතර Bhubaneswar, India, Odisha ලිපිනයේ පිහිටි KIIT හෙවත් කාලිංග කාර්මික තාක්ෂණ ආයතනයයි. ඔවුන්ගේ ආයතනයට යාබද පිට්ටනියක සිසුන් කන්ඩායමක් සමග මෙය පවත්වන්නේ එම ආයතන ප්‍රධානී මහාචාර්ය අච්‍යුතා සමන්ත මහතාගේ මූලිකත්වයෙනි.
(නාමල් රාජපක්ෂ සමග වාහනයක නැගී ආචාර කරමින් යන්නේ ඔහුය)

ජනරජ දිනය ඉන්දියාව පුරා සමරන විශේෂ අවස්ථාවක් වන බැවින් බොහෝ ආයතන ඒ ඒ ආයතනික මට්ටමින් මෙය සමරා ඇති අතර මෙම තාක්ෂණික ආයතනයද එය අනුගමනය කර ඇත.



ඉන්දියාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ නාමයක් දිනා සිටින කාලිංග කාර්මික තාක්ෂණ ආයතනය  KIIT විශ්වවිද්‍යාලය ලෙසද ඇතැම් තැනක හඳුන්වා ඇති අතර, වර්තමානය වන විට ගුණාත්මක අධ්‍යයන පාඨමාලා මෙන්ම මානුෂීය මෙහෙවර වෙනුවෙන් ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ආයතනයක් බවත් වසර 25ක ඉතිහාසයක් ඇති බවත් එම වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

 මෙම නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ විපක්ෂයේ තෝරාගත් කණ්ඩායමක් ඔවුන් තෝරාගත් ආකරය හෝ එම ආරාධනාව කවර අරමුණකින් සිදුකළේද යන්න සඳහන් නොවේ.
මෙම උත්සවය ගැන ඉන්ස්ටර්ග්‍රැම් සටහනක් තබන එම ආයතනයේ අධිපති මහාචාර්ය අච්‍යුතා සමන්ත මෙම උත්සවයට පැමිණ සිටින නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 'විපක්ෂ නායක' බව සඳහන් කර තිබීමද විශේෂ කරුණකි.
එම ඉංග්‍රීසි සටහනේ මෙසේ කියා ඇත. 

 This year, we were happy to share this occasion with a delegation of 10 Members of Parliament from Sri Lanka, including Mr Namal Rajapaksa, Leader of the Opposition, and Mr Chithral Fernando, Leader of the Delegation, along with other Hon’ble MPs. Their presence reflected the long-standing friendship between our two countries.

සම්පූර්ණ සටහනේ සිංහල පරිවර්තනය පහතින්

ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් කාලිංග කාර්මික තාක්ෂණ ආයතනය (KIIT), කාලිංග වෛද්‍ය විද්‍යා ආයතනය (KIMS) සහ කාලිංග සමාජ විද්‍යා ආයතනය (KISS) ඒකාබද්ධව සංවිධානය කළ සැමරුම් උළෙල මෙවර ශ්‍රී ලාංකික නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබේ.


සෑම වසරකම ජනරජ දිනයේදී මෙම ආයතනවල සිසුන් ඉහළ විනයකින් සහ අභිමානයකින් යුතුව පෙළපාලි සහ විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරන අතර, ඔවුන්ගේ එම කැපවීම දැකීම තමන්ට නිහඬ සතුටක් ගෙන දෙන බව KIIT නිර්මාතෘවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙවර සැමරුම් උළෙල වඩාත් සුවිශේෂී වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පැමිණි දස දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමකගේ සහභාගීත්වය හේතුවෙන් වන අතර, ඊට ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක නාමල් රාජපක්ෂ මහතා මෙන්ම නියෝජිත පිරිසේ නායක චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළත් වූහ. ශ්‍රී ලාංකික නියෝජිතයන්ගේ මෙම පැමිණීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මහෝපකාරී වන බව විශ්වවිද්‍යාල බලධාරීන් පෙන්වා දෙයි.

KIIT සහ KISS පරිශ්‍රයන්හි පැවති මෙම ජනරජ දින සැමරුමෙහි සුවිශේෂී අවස්ථා රැසක් සමාජගත කරමින් ආයතනය සියලු දෙනා වෙත සුබ පැතුම් එක් කර ඇති අතර, ශ්‍රී ලාංකික නායකයන් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ආයතනයක වැඩකටයුතු නිරීක්ෂණය කිරීම ද්විපාර්ශ්වික සබඳතාවල නව සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.




නාමල් රාජපක්ෂට අමතරව  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චිත්‍රාල් ප්‍රනාන්දු, චමින්ද්‍රාණි කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ද, 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න සහ සම්පත් අතුකෝරාල යන මහත්වරුන් ද එක්ව සිටිති. මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා ද මෙම දූත පිරිසට ඇතුළත් විය.

එම තාක්ෂණික ආයතනය අද (26) පැවැත්වූ ජනරජ දින සැමරුමේ සම්පූර්ණ වීඩියෝව KIIT නිල ෆේස් බුක් පිටුවේ මෙම යොමුවෙන් නැරඹිය හැකිය.

 https://www.facebook.com/KIITUniversity/videos/1962698364650014/

 

 

 

 

 

 

 




gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6


gossiplanka image 7
gossiplanka image 8
gossiplanka image